අවශ්‍ය අමුද්‍රව්‍ය:
- හාල්මැස්සන් – ග්‍රෑම් 50ක් පමණ
- බීට්රූට් – අවශ්‍ය ප්‍රමාණයට
- ලූනු – ස්වල්පයක්
- සුදුලූනු – බික් කිහිපයක්
- අමුමිරිස් – කරල් කිහිපයක්
- මිරිස් කුඩු – අවශ්‍ය ප්‍රමාණයට
- කහ කුඩු – ස්වල්පයක්
- තුනපහ කුඩු – අවශ්‍ය ප්‍රමාණයට
- ලුණු – රස අනුව
- පොල්තෙල් – ඉතා ස්වල්පයක්
- වතුර – ස්වල්පයක්
Method
- මුලින්ම හාල්මැස්සන් ටික හොඳින් සෝදා පිරිසිදු කරගන්න. බීට්රූට් ටිකත් හොඳින් සෝදා සිහින්ව කපාගන්න.
- භාජනයක් ලිප තබා එයට පොල්තෙල් ඉතා ස්වල්පයක් එකතු කරන්න.
- එයට සෝදාගත් හාල්මැස්සන් එකතු කර හොඳින් තැම්බෙමින් තෙම්පරාදු වෙන්න හරින්න.
- ඉන්පසු කපාගත් ලූනු, සුදුලූනු, අමුමිරිස්, මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ කුඩු සහ අවශ්‍ය නම් ලුණු ස්වල්පයක් එකතු කර හොඳින් කලවම් කරමින් තෙම්පරාදු කරගන්න.
- හාල්මැස්සන් හොඳින් තෙම්පරාදු වීගෙන එන විට සිහින්ව කපාගත් බීට්රූට් එකතු කර හොඳින් කලවම් කරන්න.
- බීට්රූට් මෘදු වී හොඳින් මැලවෙන තුරු තවත් විනාඩි 3–4ක් පමණ පිසගන්න. අවශ්‍ය නම් තවත් මඳ වේලාවක් පිසගත හැකියි.
ඔන්න දැන් රසවත් තෙම්පරාදුව සූදානම්!
