කහ බතල වලින් හදාගන්න පුළුවන් රස snack එකක් තමයි අද ගෙනාවේ.
තම්බාගත් සාමාන්‍ය ප්‍රමාණයේ කහ බතල අලයක් තරමක කැබලි සහිත වන ලෙස පොඩි කරගන්න. රත් වූ තාච්චියට පොල් තෙල් තේ හැඳි භාගයක් දමා, තලාගත් ඉගුරු සුදලූනු තේ හැඳි එකක්, බොම්බයි ලූනු ගෙඩියක් කොටු කපා එකතු කර හොදින් තෙම්පරාදු කරගන්න.
දැන් සිහින්ව කපාගත් කැරට්,ගෝවා, මෑ කරල් එක් කර විනාඩි 2ක් පමණ තෙම්පරාදු කරගන්න. කහකුඩු, මිරිස් කුඩු තේ හැදි කාල බැගින් හා තුනපහ කුඩු තේ හැඳි බාගයක් දමා,
ලුණු රස පමණට එක් කරගන්න.
දැන් කලින් පොඩි කරගත් කහ බතල එකතු කර, කලවම් කරන ගමන් සිහින්ව කපා ගත් ලිකිස් හා නිවිති කොළ එකතු කරගන්න.
දැන් මේ පේස්ට් එකෙන් කුඩා ප්‍රමාණයේ කොටු කපාගන්න. උඩින් හීනියට කපාගත් ගෝවාවලින් සරසන්නත් පුළුවන්..
අසෞඛ්‍යමත් විදියට බිස්කට් කුඩු තවරලා ගැඹුරු තෙලේ බදිනවාට වඩා මෙහෙම රසයි ගුණයි.
