වට්ටක්කා, නිවිති තෙම්පරාදුව

අවශ්ය ද්රව්
පොතු හැර කුඩාවට කපාගත් වට්ටක්කා
නිවිති කොළ
ලියාගත් මාලු මිරිස්
කුඩා කැබලිවලට කපාගත් තක්කාලි
ලියාගත් ලොකු ලූණු සහා සුදු ළූණු
කරපිංචා
ලුණු කුඩු, කහ කුඩු, කෑලි මිරිස්, සහා පොල්තෙල් ස්වල්පයක්

සාදාගන්නා ක්රමය
1. වට්ටක්කා කැබලිවලට, ලුණු සහා කහා මිශ්ර කර මද වෙලාවක් තබන්න.
2. පෑන් එකට තෙල් ස්වල්පයක් දමා, සුදු ළූණු සහා කරපිංචා එක් කර මදක් බැදෙන්න හරින්න.
3. දැන් ඒදාගත් වට්ටක්කා එක් කර පියනකින් වසා මද ගින්නේ විනාඩි 5ක් පමණ පිසගන්න.
4. ලොකු ලූණු, තක්කාලි, මාලු මිරිස් සහා කෑලි මිරිස් එක් කර හොඳින් මිශ්ර කරගනිමින් පිසගන්න.
5. ලිපෙන් ඉවත්කිරීමට විනාඩියකට පමණ පෙර නිවිති කොළ එක් කර හොඳින් මිශ්ර කරන්න.
6. බත්, ඉදි ආප්ප, රොටි, ආප්ප, ඕනෑම එකක් සමඟ ආහාරයට ගන්න.
Scroll to Top