විශේෂ අවස්තාවල කෑම මේසය ලස්සන කරන්න ලේසියෙන් හදාගන්න පුළුවන් කෑමක් තමයි අරන් ආවෙ… මේක salad එකක් විදිහට වගේම සෞඛ්යයමත් අමතර ආහාරයක් (snack) එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්..
හරිම ලේසියි හදාගන්න. පිටත ආවරණයට මන් අරන් තියෙන්නෙ chinese cabbage කියන ගෝවා කොළ වර්ගය. ඇතුළට දාලා තියෙන්නෙ දම් සහා කොළ පැහැය මිශ්ර වුන සලාද කොළ වර්ගයක්. මේ දෙවර්ගයම සුපර් මාකට්වලින් මිලදී ගන්න පුළුවන්. මේවා හොයාගන්න නැත්නම් සාමාන්ය සලාද කොළ වුනත් භාවිතා කරන්න පුළුවන්… මෙහෙම ජාති දෙකක, පාට කිහිපයක කොළ වර්ග ගත්තම ලැබෙන පෝෂණ ද්රව්යවල විවිධත්වය සහා ගුණාත්මක භාවය වැඩියි ඉතින්.
ඇතුළෙ filling එක සාමාන්ය විදිහටම scramble කරපු බිත්තරයක් සහා කුඩාවට කොටු කපාගත් තක්කාලි ගෙඩියක් (අමුවෙන්). රසකාරක විදිහට ලුණු සහා ගම්මිරිස් විතරයි පාවිච්චි කළේ.
விசேஷ சமயங்களில் சாப்பாட்டு மேசையை அழகுபடுத்த எளிதாகத் தயாரிக்கக்கூடிய ஒரு உணவு இது… இதை சாலட்டாக அல்லது ஆரோக்கியமான கூடுதல் உணவாகவும் (Snack) பயன்படுத்தலாம்..
செய்வது மிகவும் எளிது. வெளிப்புற அட்டைக்காக, நான் சீன முட்டைக்கோஸ் எடுத்துள்ளேன். உள்ளே ஊதா மற்றும் பச்சை கலந்த ஒரு வகை கீரை. இந்த இரண்டு வகைகளையும் பல்பொருள் அங்காடிகளில் வாங்கலாம். இவற்றைக் கண்டுபிடிக்க முடியவில்லை என்றால், சாதாரண கீரையையும் பயன்படுத்தலாம்… பல வண்ணங்களில் இரண்டு வகையான இலைகளை வாங்கும்போது, சத்துக்களின் வகையும், தரமும் அதிகம்.
உள்ளே நிரப்புவதற்கு ஒரு சாதாரண துருவல் முட்டை மற்றும் ஒரு சிறிய துண்டுகளாக்கப்பட்ட தக்காளி (பச்சையாக). உப்பு மற்றும் மிளகு மட்டுமே மசாலாப் பொருளாக பயன்படுத்தப்பட்டது.
