Sweet Potato Puree

සාදාගන්නා ආකාරය:
  • Puree කියලා හඳුන්වන්නෙ මොනාහරි එළවළුවක් හෝ පළතුරක් ක්‍රීම් එකක් ලෙස සකසගන්න එක… ඔයාලා තක්කාලි puree ගැන නම් අහලා ඇති. Puree සාමාන්‍යයෙන් භාවිතා කරන්නෙ side dish විදිහට. ඒ කියන්නෙ වෙන මොනාහරි කෑමක් එක්ක පිළිගන්වන්න. ඒක සෝස් එකකට වඩා දියර ගතිය අඩුයි, පේස්ට් (paste) එකකට වඩා දියයි.. මන් අද හදපු මේ බතල puree එක නම් පොඩ්ඩක් ඝනව හදපු නිසා පේස්ට් (paste) එකක් විදිහටත් භාවිතා කරන්න පුළුවන්.

  • මේ මට හවස තේ වෙලාවට හදිසි දැනුම්දීමකින් ආපු අමුත්තන් කිහිප දෙනෙක්ට සංග්‍රහ කරන්න ගෙදර තිබුණ දේවල්වලින් සකසා ගත්ත සරල platter එකක්. බතල අල දෙකක් රයිස් කුකර් එකේ දවල්ට බත් උයනගමන්ම තම්බගත්තා. ඊටපස්සෙ කුඩා කැබලිවලට කපා food grinder එකේ (බ්ලෙන්ඩරේ එක්ක එන අනිත් කොටස, ඝන ද්‍රව්‍ය කුඩුකරගන්න භාවිතා කරන එක) හොඳින් අඹරගත්තා. රස ගන්වන්න මන් භාවිතා කළේ අඹරාගත්ත සුදු ළූණු, කෑලි මිරිස්, ලුණු සහා දෙහි යුෂ. ඝණකම් වැඩි වුන නිසා මන් දෙහි යුෂවලට අමතරව වතුර මේස හැඳි දෙකකුත් දැම්මා

  • මේක මන් පිළිගැන්වුවේ දේශීය සමාගමකින් සහල් භාවිතයෙන් නිපදවන ක්‍රැකර් වර්ගයක් එක්ක. මේ puree එක අපිට පයිපින් බෑග් එකක් භාවිතයෙන් ක්‍රැකර් එක මතට ලස්සනට හැඩගන්වලා පිළිගන්වන්නත් පුළුවන්. මන් එහෙම නොකළෙ puree එක නොමැතිවත් ක්‍රැකර් එක ආහාරයට ගැනීමේ විකල්පය කනකෙනාට ඉතුරු කරන්න (මගේ කාලය සහා ශ්‍රමයත් ඉතුරුකරගන්න ගමන්)

  • මෙදා මන් platter එකට කැරට් තිබ්බෙ, ඒකට සුදුසු එළවළුවකට ගෙදර තිබුණේ එච්චරයි නිසා. ඒ සඳහා නැත්නම් පතෝල, පිපිඤ්ඤා, සැල්දිරි දඬු හෝ වෙන අමුවෙන් කන්න පුළුවන් ඕනෑම එළවළුවක් භාවිතා කරන්න පුළුවන්. ඔයාලට තව රසවත් platter වර්ග කිහිපයක් අපේ කළින් challenge එකෙන් බලාගන්න පුළුවන්
Scroll to Top