Platter 07

මේ platter එක මන් සැකසුවෙ හතරදෙනෙකු සිටින නිවසකට. මේ නත්තල් ගසක හැඩේට තියෙන ට්‍රේ එක අවුරුදු ගාණකට කළින් තෑගි හම්බුන එකක්. මේ වගේ වැඩවලට ගොඩක් ප්‍රයෝජනවත් ඉතින්. මේකෙ උඩින්ම දැම්මෙ nut mix එකක්. කඩෙන් රටකජු සහා වියළි මිදි වෙන වෙනම අරන් මිශ්‍ර කරා. මේකට ගියෙ රුපියල් 100ක් විතර.

දෙවෙනි පේළියෙ තියෙන්නෙ කඩල පිටි තවරලා බැදපු ගෝවා මල්. පොළෙන් ගද්දි සුපර් මාර්කට් එකෙන් ගන්නවාට වඩා ගොඩක් අඩු මුදලකට ගන්න පුළුවන්. මේ පේළියට උපරිමව රුපියල් 250ක් යන්න ඇති.

ඊළඟ පේළියේ තියෙන්නෙ නත්තල් කේක්. මේ පාර උද්ධමනය නිසා නොහදා ඉන්නත් හදලා ජීවිතේ කිසිම නත්තලකට නත්තල් කේක් නොහදපු දවසක් ගෙදර නොතිබුණු නිසා වෙනදාට වඩා අඩු ප්‍රමාණයක් හැදුවෙ… පුළුවන් තරම් දේශීයව නිපදවුණු අමුද්‍රව්‍ය යොදාගෙන (කඩෙන් ඉල්ලද්දිත් එයාලම ඇහුවා ලෝකල් ඒවද ඉම්පෝටඩ් ඒවද කියලා). මේ එක කෑල්ලකට සම්පූර්ණ වියදම රුපියල් 150ක් වගේ ගියා. (ඔව්… හොඳටම වැඩියි  හැබැයි කඩෙන් ගන්නවට වඩා ගොඩක් ලාභයි. හදන්න ගන්න වෙන මහන්සිය නිසා කඩේ තියෙන මිලත් සාධාරණයි ඉතින්)

අන්තිම පේළියේ තියෙන්නෙ දේශීය අමුද්‍රව්‍ය ප්‍රධාන කොට ගත් කෑම වර්ග දෙකක්.. තල කැරලි නම් ගත්තෙ කඩෙන්.. රුපියල් 60ක් විතර වියදම ඕකට. කුකීස් ගෙදර හැදුවා ඉරිඟු පිටිවලින්. සාමාන්‍ය තිරිඟු පිටි කුකී රෙසිපියක තිරිඟු පිටි වෙනුවට ඉරිඟු පිටි ආදේශ කරලා විනාඩියක් වැඩිපුර බේක් කරපු එක විතරයි වෙනසකට කළේ. ඉරිඟු පිටි තෑගි හම්බුන ඒවා නිසා එක කුකී එකකට ගියෙ රුපියල් 8ක් වගේ.. (ඔව්… කඩෙන් බිස්කට් ගන්නවට වඩා ලාභයි පිටිවලට සල්ලි වෙන් කළත්… )

Scroll to Top