Platter 02

  1. Batter-fried items

මේකෙ වර්ග 2යි. පාන් කුඩු පෙරළලා බැදපු ඉස්සො සහා කඩල පිටි පෙරළලා බැදපු කතුරුමුරුංගා මල්. ඉස්සො ටිකට ගියෙ රුපියල් 190යි. කතුරුමුරුංගා මල් ගෙවත්තෙන්. Batterවලට සහා තෙල්වලට රුපියල් 120 ක් යන්න ඇති උපරිමව. Dip එකට ඊයෙ ගත්ත stirred yogurt එකෙන්ම ටිකක්. කෑළි මිරිස් කළවම් කරල. එහෙම බලද්දී මේ කොටසට ගිය සම්පූර්ණ වියදම රුපියල් 350 ක් විතර.

මේක පැක් කළේ මට හම්බුන ඉන්දියන් රස කැවිලි පෙට්ටියක. එහෙම ලස්සන ඒවා හම්බුනාම මේ වගේ වැඩවලට ගන්න තියාගන්නවා මන්.

  1. Mashed & Devilled items

මේකෙ mashed item එක මඤ්ඤොක්කා. පොල්, අමු මිරිස්, රතු ළූණු, කතුරුමුරුංගා කොළ, කහ, ගම්මිරිස් සහා ලුණු කුඩු ස්වල්පයක් දාලා කූරුගාලා. ඔව් ගමේ ක්‍රමේට. මේකෙ ප්‍රධාන අමුද්‍රව්‍ය සියල්ලම ගෙවත්තෙන්. අනිත්වට වියදම වැඩිම වුනොත් රුපියල් 50 ක් යන්න ඇති.

මේ කොටසෙ අනිත් ආහාරයේ ප්‍රධාන අමුද්‍රව්‍ය chicken gizzard. මේ කොටස අනිත් කොටස්වලට වඩා ලාභයි සහා වෙනස් රසයක් තියෙන නිසා මෙහෙම වැඩවලට හොඳයි. තම්බලා ඩෙවල් කරලා තියෙන්නෙ කළින් කොටසෙ ගැඹුරු තෙලෙන් බැදපුවා තිබුණ නිසා. Gizzard 200g ට රුපියල් 220 ක් ගියා. තක්කාලි ගෙඩියක්, ලොකු ළූණු ගෙඩියක්, සුදු ළූණු, ගෙවත්තෙන් නෙලා ගත්ත අමු මිරිස් සහා කරපිංචා තමයි මේකෙ අනිත් අමුද්‍රව්‍ය. රසකාරක විදිහට ලුණු, කෑලි මිරිස් සහා සීනි ස්වල්පයක් ඉතිම් සම්පූර්ණ වියදම ගියෙ රුපියල් 350 ක් විතර. මේක පැක් කරලා තියෙන්නෙ කෙසෙල් පට්ටවලින් හදපු ලන්ච් බොක්ස් එකක. මේවා සෝදා නැවත පාවිච්චි කරන්න පුළුවන්. කාඩ්බෝඩ් ඒවා වගේ නෙමෙයි.

  1. අතුරුපස

මේකට මන් යොදාගත්තෙ ඉතුරු stirred yogurt එක. ඒකට කුඩාවට කපා ගත් අඹ සමඟ රටකජු සහා වියළි මිදි ස්වල්පයක් එකතු කරා. සම්පූර්ණ වියදම රුපියල් 350 ක් පමණ. ඒක ඔය තියෙන්නෙ stirred yogurt තිබුණ භාජනේමයි.

  1. බීම

මේ තියෙන්නෙ ගෙදර හදපු කොමඩු බීම. සුපිරි වෙළෙඳ සැලක නරක් වීමට ආසන්න කොටස් අයින් කර අඩු මිලට තිබුන අනිත් කොටසක් මේ. ඒ කොටස් පරීක්ෂා කරලා ගන්න එක අපේ රටේ ආහාර අපතේ යෑම අඩුකිරීමට අපිට දායකවෙන්න පුළුවන් ක්‍රමයක්. විශාල කොමඩු ගෙඩියක භාගයක් රුපියල් 210 ට හම්බුනේ. හොඳින් ඉදී තිබුණ නිසා සීනි දැමීම අවශ්‍ය වුනේ අඩුවෙන්. රස ගන්වන්න දෙහි ගෙඩියක යුෂ දැම්මා. මේකට ගිය සම්පූර්ණ වියදම රුපියල් 260 ක් විතර වෙන්න ඇති.

ඉතින් මේ සම්පූර්ණ සැකැස්මටම ගියෙ කොච්චර අඩු වියදමක්ද කියලා ඔයාලට තේරෙනවා ඇති. ගෙවත්තෙන් ලැබෙන උදව්වත්, සැළසුමක් ඇතුව, අරපිරිමැස්මෙන් කරන මිලදීගැනීමුත් නිසා හිතනවාටත් හොඳින් රසට, ගුණට කන්න පුළුවන්. ඒවගේම කෑම බීම හිඟ මේ වගේ කාලෙක මෙහෙම තෑගිත් අනිත් ඒවාට වඩා ගොඩක් වටිනවා. ඔයාලත් උත්සාහ කරලා බලන්න.

Scroll to Top