Platter 01

මේක මස් මාළු නොකන අමුත්තන් තිදෙනෙකු සඳහා සකසන ලද සංග්‍රහයක්. මේකෙ ප්‍රධාන අංග හතරක් තියෙනවා. මන් ඒ එක එක විස්තර කරන්නම් ගිය වියදමත් එක්කම.

  1. Vegi platter

මේ platter එකේ එළෝළු ජාති 4ක් තියෙනවා. කැරට්, පිපිඤ්ඤා, පතෝල සහා අලු කෙසෙල්. පතෝල ලපටි වෙන තරමට හොඳයි සහා අලුකෙසෙල් ලුණු සහා කහා අතගාලා බැදලා තමයි යොදාගෙන තියෙන්නෙ. එළවළු සියල්ලටම ගියෙ රුපියල් 150යි (කුඩා කැරට් අල 2යි, පිපිඤ්ඤා භාගයයි, අඟල් 4ක පමණ පතෝල කැබැල්ලයි, අලුකෙසෙල් ගෙඩි 2යි). මේකෙ dip එකට භාවිතා කළේ stirred yogurt, කෑළි මිරිස් සහා ලූණු කොළ දාලා රස වැඩිකරගෙන. Stirred yogurt tub එකම රුපියල් 300යි. මේකට ගියෙ ඒකෙන් 1/4ක් විතර. ඒ නිසා සියලුම වියදම් බැලුවම මේ platter එකට උපරිමව රුපියල් 300ක් යන්න ඇති.

  1. Egg platter

මේ සැකැස්මේ සත්ව ප්‍රෝටීන් විදිහට යොදාගත්තෙ බිත්තර දෙකක්. ඒ සඳහා වියදම රු. 120යි. පෙනුම සහා රස වැඩිකරගන්න තීරු කපපු තක්කාලි ගෙඩියක් සහා දෙහි පෙති තුනක් යොදාගත්තා. රසකාරකයක් විදිහට යොදාගත්තෙ ගම්මිරිස් කුඩු ස්වල්පයක් විතරයි. ඒ නිසා මේ platter එකට උපරිමව රුපියල් 160ක් වියදම් යන්න ඇති.

  1. පොරි

පොරි කියන්නෙ ඕනෑම කෙනෙක් කන්න කැමති කෑමක් නෙ. මේ පොරි සේරටම ගියෙ රුපියල් 100යි.

  1. ඉඟුරු තේ

මන් බීම විදිහට තිබ්බෙ ඉඟුරු තේ. මේවගේ සංග්‍රහයකට ඒක ගැළපෙනවා වගේම කිරිවලට යන වියදමත් කපා හරින්න පුළුවන්. කැමති තරමට සීනි දාගන්න සීනි වෙනම තිබ්බා. මේ කොටසට ඉතින් උපරිමව රුපියල් 100ක් යන්න ඇති.

හවසට තේ පැන් සංග්‍රහයකට එන අමුත්තන්ට සංග්‍රහ කරන්න ඔයාලත් මේ වගේ වෙනස් ක්‍රම අත් හදා බලන්න.

Scroll to Top