කුරක්කන් සීරියල්

අවශ්‍ය අමුද්‍රව්‍ය:
  • Cereal මේස හැඳි 3යි
  • යොදය රහිත එළකිරි 50ml පමණ
  • ඇඹුල් කෙසෙල් ගෙඩි 2යි
සාදාගන්නා ආකාරය:

“Cereal” කියන්නෙත් යුරෝපයේ උදේ ආහාරයට බහුලව භාවිතා කරන ආහාරයක්

Cereal කියන්නෙ සාමාන්‍යයෙන් සෞඛ්‍ය පැත්තෙන් බැලුවොත් විවාදශීලී ආහාරයක්. මොකද සාමාන්‍ය සීරියල්වල සීනි අධිකයි සහා තන්තු අඩුයි. ඉතිම් හැමදාම උදේට සීරියල් කන්න කියලා කොහොමත් නිර්දේශ කරන්න බෑ

හැබැයි උදේට වෙනත් ආහාර පිළියෙල කරගන්න වෙලාවක් නැති කෙනෙක්ට ඉඳලා හිටලා හදිස්සියට කුස පුරවගන්න cereal භාවිතා කරන්න පුළුවන්. පිසගැනීමට බලශක්තිය අවශ්‍ය නොවීම සහා පහසුවෙන් ගබඩාකළ හැකිවීම මෙන්ම ඕනෑම තැනකදී, ඕනෑම බඳුනක, තප්පර ගාණකින් පිළියෙල කරගැනීම මෙහි තියෙන වාසි විදිහට හඳුන්වන්න පුළුවන්

මා වෙළද පොළෙන් මිලදී ගත් මේ cereal කුරක්කන්වලට අමතරව වෙනත් ධාන්‍ය පිටිද අඩංගු දේශීය නිෂ්පාදනයක්. එහි ලේබලේ සඳහන් පරිදි සම්පූර්ණ ස්වභාවික අමුද්‍රව්‍ය අඩංගු එහි සීනි, ලුණු සහා තෙල් අඩංගු වෙන්නෙ අවම ප්‍රමාණවලින්. තන්තු සහා ප්‍රෝටීන් ප්‍රමාණයද හොඳ මට්ටමක තියෙනවා. ඉතින් මේක සාපේක්ෂව මිලදී ගත්තට කමක් නැති cereal වර්ගයක්

Cereal වල අනෙක් ප්‍රශ්නය තමයි එහි ඇති අධි කැලරි ප්‍රමාණය. මෙහි ශක්ති ඝණත්වය වැඩි නිසා අපි ආහාරයට ගන්න ප්‍රමාණය හරි වැදගත්. මන් නම් එක වේලකට භාවිතා කරන්නෙ පුරවපු මේස හැඳි තුනක් විතර. මේ 150g පැකට් එකක් මට සාමාන්‍යයෙන් වේල 12කට විතර සෑහෙනවා. මේක සකසාගන්න මන් සාමාන්‍යයෙන් භාවිතා කරන්නෙ යොදය රහිත නැවුම් එළ කිරි. ඒ මගිනුත් යොදය සහිත කිරි හෝ කිරිපිටි භාවිතයට වඩා අපේ ඇඟට ඇතුළු කරගන්නා කැලරි ප්‍රමාණය අඩුවෙනවා

මෙය සකසාගැනීමේදී පළතුරක් එක් කරගැනීමෙන් රස වගේම පෝෂණමය වටිනාකමද වැඩිකරගන්න පුළුවන්. මන් මේ එක් කරගෙන තියෙන්නෙ කෙසෙල්. මීට අමතරව අඹ, කොමඩු, ගස්ලබු, අලි පේර, අන්නාසි වැනි ඔබට ඇති/කැමති ඕනෑම පළතුරක් එකතු කරගන්න පුළුවන්. රටකජු ටිකක් එක් කරගැනීමෙන් ප්‍රෝටීනමය ගුණය ඉහළ නංවාගන්නත් පුළුවන්.

Scroll to Top