මී කිරි chicken සමග spicy කුරක්කන් නූඩ්ල්ස්

අවශ්‍ය අමුද්‍රව්‍ය:
  • තරමක කුකුල් මස් කෑල්ලක්
  • කුරක්කන් නූඩල්ස් තනි පුද්ගලයෙකුට සෑහෙන පරිදි
  • මුදවපු කිරි මේස හැඳි 3යි
  • ලීක්ස් කොළ – ගෙවත්තෙන්
  • කොත්තමල්ලි කොළ – ගෙවත්තෙන්
  • නයි මිරිස් කරලයි – ගෙවත්තෙන්
  • සුදුළූණූ – බික් 1යි
  • රෝස්මෙරි කොළ – ගෙවත්තෙන්
  • කහ, ලුණු, කෑළි මිරිස් කුඩු
සාදාගන්නා ආකාරය:

කහ, ලුණු, රෝස්මෙරි දමා කුකුල් මස් කැබැල්ල තම්බාගන්න නූඩල්ස් ටිකත් වෙනම තම්බාගන්න.

කුකුල් මස් කැබැල්ල තරමක කොටස්වලට කඩා කෑළි මිරිස්, කොත්තමල්ලි කොළවලින් කොටසක්, කුඩාවට කපාගත් සුදු ළූණු, නයි මිරිස්, ලීක්ස් සහා මීකිරි දමා මද ගින්නේ එළවළු යාන්තමින් මැළවෙන තෙක් පිසගන්න. ඉන්පසු නූඩල්ස්, ඉතිරි මීකිරි සහා කොත්තමල්ලි කොළ දමා මද ගින්නේ මිශ්‍ර කරගන්න. රස පමණට ලුණු ස්වල්පයකුත් එක් කරන්න.

මෙය මදක් දැවිල්ල බැවින් ඔබගේ කැමැත්ත පරිදි මිරිස්, රෝස්මෙරි, කොත්තමල්ලි සහා නයි මිරිස් අඩු ප්‍රමාණවලින් භාවිතා කිරීමට සැළකිලිමත් වන්න.

Scroll to Top