කොල්ලු කැඳ / கொள்ளு கஞ்சி

සාදාගන්නා ආකාරය:

උදෑසනට උණු උණුවේ කෑමට ගන්න, ලොකු කුඩා කාටත් සුදුසු, හරිම රසවත් වගේම ශක්තිජනක, පෝෂණීය කැඳ එකක් තමයි කොල්ලු කැඳ කියන්නෙ.

අපේ ගෙදර හතර දෙනෙකුට උදේට බොන්න තමයි මේ කැඳ එක හැදුවේ. ඉස්සෙල්ලාම හොඳින් සෝදාගත්තු කොල්ලු කෝප්ප 1ක් වැහෙන තුරු වතුර කෝප්ප 3ක් දාලා කලින් දවසේ රැයක් පෙගෙන්න තිබ්බා. උදේට පෙඟුන කොල්ලු වලට වතුර කෝප්ප 1/2 එකතු කරලා හොඳින් ග්‍රයින්ඩ් කරගත්තා.

කොටා ගත්තු කොල්ලු වලට වතුර කෝප්ප 2ක් දාලා, එයටම සුදු ළූණු බික් 2ක් සහ ගම්මිරිස් ඇට 2ක් එකතු කරල තැම්බෙන්න තිබ්බා. කොල්ලු තැම්බෙන්න ටිකක් වැඩිපුර වෙලා ගන්න නිසා මේ විදිහට කොටලා ගන්න එකෙන් කාලය වගේ බලශක්තියත් ඉතිරි කරගන්න පුළුවන්.කොල්ලු හොඳින් තැම්බීගෙන එද්දී ඒකටම මං සිහින්ව ග්‍රේට් කරගත්තු වට්ටක්කා ටිකක් සහ මුරුංගා කොළ අහුරකුත් එකතු කරලා කැඳ එකේ පෝෂණ ගුණය තව ටිකක් වැඩි දියුණු කරගත්තා.

මේ ටික හොඳින් තැම්බුන පසුව එයට පොල් කිරි කෝප්ප 3ක් එකතු කරනවා. මේ වෙලාවෙදී රස අනුව ලුණු එකතු කරලා පොල් කිරි හොඳින් උතුරන තුරු හොඳින් හැදි ගාමින් පිස ගෙන උණුවෙන්ම රස විදින්න ගන්න.

කොල්ලු කියන්නේ මුං ඇට, කව්පි වගේ වියළි රනිල භෝගයක්. සාමාන්‍යයෙන් අපේ රටේ උඩරට පළාත්වල කොල්ලු වගාව දැක ගන්න තියනවා. ප්‍රෝරෝටීන්වලින් පොහොසත්ම ශාකමය ආහාරය විදිහටත් කොල්ලු හදුන්වන්න පුළුවන්. අමතරව කාබෝහයිඩ්‍රේට්, මේදය, විටමින් C, යකඩ, පොස්පරස්, මැග්නීසියම්, කැල්සියම් හා ජීර්ණ තන්තු වලින්ද පොහොසත් වෙනවා.

හැමදාම හදලා බොන සම්ප්‍රදායික කැඳ කෝප්පෙන් එහාට සමබල පෝෂණයකුත් එකතු කරලා මේ වගෙ අත්හදා බැලීමක් කරල බලන්න වටිනවා.

செய்முறை:

கொள்ளு கஞ்சி என்பது பெரியவர், சிறியவர் என அனைவரும் காலையில் சூடாக சாப்பிட ஏற்ற மிகவும் சுவையான, சத்தான கஞ்சி.

இந்த கஞ்சி எங்கள் வீட்டில் நான்கு பேருக்கு காலை உணவாக செய்தேன். முதலில், 1 கப் கழுவப்பட்ட கொள்ளை மூடிமளவு வரை 3 கப் தண்ணீர் சேர்த்து, முந்தைய நாள் இரவு முழுவதும் ஊறவைக்க வேண்டும். காலையில் ஊறிய கொள்ளிற்கு1/2 கப் தண்ணீர் சேர்த்து நன்றாக அரைக்கவும். அரைத்த கொள்ளுடன் 2 கப் தண்ணீர் சேர்த்து, 2பூடு, 2 மிளகு சேர்த்து கொதிக்கவிடவும். கொள்ளு வேகவைக்க கொஞ்சம் நேரம் ஆகும் என்பதால், இவ்வாறு ஊற வைப்பதன் மூலம் நேரத்தையும், சக்தியையும் மிச்சப்படுத்தலாம். நன்கு கொதித்ததும், கஞ்சியின் சத்து தரத்தை அதிகரிக்க, நன்றாக துருவிய பூசணி, முருங்கை இலைகளைச் சேர்த்தேன். இது நன்கு கொதித்த பிறகு, அதனுடன் 3 கப் தேங்காய் பால் சேர்க்கவும். இந்த நேரத்தில், சுவைக்கு ஏற்ப உப்பு சேர்த்து, தேங்காய் பால் நன்கு கொதிக்கும் வரை சமைத்து, சூடாக அனுபவிக்கவும். கொள்ளு பயறு ,கௌபி போன்ற ஒரு உலர் பயிராக உள்ளது.பொதுவாக, நம் நாட்டின் மலையக பகுதிகளில் கொள்ளு சாகுபடியை நீங்கள் காணலாம்.கொள்ளுபுரதம் நிறைந்த உணவாகும். மேலும் இதில் கார்போஹைட்ரேட், கொழுப்பு, வைட்டமின் சி, இரும்பு, பாஸ்பரஸ், மெக்னீசியம், கால்சியம் மற்றும் செரிமான நார்ச்சத்துகள் நிறைந்துள்ளன.

ஒவ்வொரு நாளும் தயாரிக்கப்பட்டு குடிக்கப்படும் பாரம்பரிய கப் கஞ்சியைத் தவிர, சமச்சீர் ஊட்டச்சத்தை சேர்த்து இதை முயற்சிப்பது நல்லது. எனவே இது போன்ற மற்றொரு #Hot_Drink செய்முறையுடன் நாளை வருவோம்.

Scroll to Top