කිරි අල සුප් / சேமன் கிழங்கு சூப்

සාදාගන්නා ආකාරය:

කෑම වේලක කාබෝහයිඩ්‍රේට් ප්‍රභවය විදිහට අපිට බත් වලට අමතරව ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවනේ. කුරක්කන්, බඩ ඉරිඟු, මෙනේරි වගේ ධාන්‍ය වර්ග, පිටි ජාති වගේම වගේම පිෂ්ඨය සහිත අල ජාතිත් තියෙනේ ඒ කාණ්ඩයේම තමයි.

ඉතින් තෑගි විදිහට ලැබුණු කිරි අල භාවිතා කරලා රෑ කෑම වේල විදිහට පිළියෙල කරපු කිරි අල සුප් එක ගැනයි මේ.

මුලින්ම කිරි අල 3ක් සුද්ද කරගෙන පොඩි කෑලි වලට කපා ගත්තා.ඒ වගේම මේ කාලේ ලාභ එළවළුවක් වුණු වට්වක්කා කෑල්ලකත් පොතු ඇරලා කෑලි වලට කපා ගත්තේ දවසේ කහපාට එළවළුවක අවශ්‍යතාව ගැනත් හිතලා.

වත්තේ මෑ වැලෙන් කඩා ගත්ත මෑ කරල් කීපයකුත් ගොටුකොළ පාත්තියෙන් කොළ ටිකකුත් එකතු කරගත්තා..ප්‍රෝටීන ප්‍රභවය විදිහට කුකුල් මස් පොඩි ප්‍රමාණයක් තමයි එකතු කරගත්තේ.

කුඩා කැබලි වලට කපාගත්ත මේ අමුද්‍රව්‍ය ටික හොදින් තම්බ ගන්නයි තියෙන්නේ. අවශ්‍ය ප්‍රමණයට ලුණු,ගම් මිරිස්,සුදු ලූණු එක් කරගන්නත් පුළුවන්.

ඊට පස්සේ බ්ලෙන්ඩර් කරලා Creamy විදිහට සුප් එක පිලිගන්වන්න පුළුවන්.

ජල පහසුකම් තියෙනවා නම් ඕනේම ප්‍රදේශයක ඕනෑම කාලයක වගා කරන්න පුළුවන් කෘමි හානි අඩු බෝගයක් තමයි කිරි අල කියන්නේ.අලය වගේම කොළත් ආහාරයට ගන්න පුළුවන් නිසා වටිනාකම තවත් වැඩියි.

මේ වගේ ලේසියෙන් වගා කරගන්න භෝග ගෙවත්තට එකතු කරගෙන ගෙවත්ත දියුණු කරගන්න එක වගේම ඒවා භාවිතා කරලා අඩු කාලයකින්, අඩු බලශක්තියක් වැයකරලා සමබල ආහාරයක් පිළියෙල කරගන්න එක ඔබත් උත්සහ කරලා බලන්න වටින වැඩක්.

செய்முறை:

உணவில் கார்போஹைட்ரேட் ஆதாரமாக, அரிசியைத் தவிர, நாம் எடுத்துக் கொள்ளக்கூடிய பல விஷயங்கள் உள்ளன. குரக்கன், சோளம், மற்றும் பல கிழங்கு வகைகள் உள்ளடங்கும். எனவே, பரிசாகப் பெற்ற சேமன் கிழங்கு. பயன்படுத்தி இரவு உணவாகத் தயாரிக்கப்படும் சேமன் கிழங்கு சூப் ரெசிபி பார்ப்போம். முதலில் 3 சேமன் கிழங்கு சுத்தம் செய்து சிறு துண்டுகளாக நறுக்கி வைத்தேன்.மேலும் இந்த நேரத்தில் விலை குறைந்த காய்கறியாக இருந்த வட்டக்காயை அன்றைய மஞ்சள் காய்கறி தேவைக்கு துண்டு துண்டாக வெட்டினேன். நான் தோட்டத்தில் இருந்து சில பயத்தங்காய்கள், வல்லாரை கீரை சேகரித்தேன்.. புரதத்தின் ஆதாரமாக, சிறிய அளவிலான கோழி இறைச்சியை சேர்த்தேன். சிறிய துண்டுகளாக வெட்டப்பட்ட இந்த பொருட்களை நன்கு வேகவைக்க வேண்டும்.. தேவையான அளவு உப்பு, மிளகாய், பூடு ஆகியவற்றையும் சேர்க்கலாம். அதன் பிறகு, நீங்கள் அதை கலவை பிலண்டரில் அடித்து ஒரு கிரீம் வடிவத்தில் சூப்பை பரிமாறலாம் தண்ணீர் வசதி இருந்தால் எந்தப் பகுதியிலும் எந்த நேரத்திலும் பயிரிடக் கூடிய பயிராகும் இலைகளை கிழங்குடன் சேர்த்து உண்ணலாம் என்பதால் மதிப்பு இன்னும் அதிகம்.

தோட்டத்தை மேம்படுத்த இது போன்ற சுலபமாக விளையும் பயிர்களை தோட்டத்தில் சேர்த்து, குறைந்த நேரமும், குறைந்த ஆற்றலும் கொண்ட சத்தான உணவை தயார் செய்ய பயன்படுத்தலாம். முயற்சி செய்து பாருங்கள்.

Scroll to Top