නිල් කටරොළු iced tea / நீல சங்குப்பூ iced tea

සාදාගන්නා ආකාරය:

මුලින්ම උතුරන වතුර එකකට සෝදා ගත් නිල් කටරොළු මල් 5-6 (එක් අයකුට) දාල විනාඩි පහක් දහයක් පමණ තැම්බෙන්න හරින්න. එය නිල් පාට වී තිබෙන අයුරු ඔබට දැක ගන්න පුළුවන් . නිල්කටරොළු මල් තැම්බූ වතුර පෙරා එයට අවශ්‍ය ප්‍රමානයට සීනි, ලුණු යොදා ශිතකරනයේ තබා පානය කරන්න. දෙහි ,හෝ දොඩම් ස්වල්පයක් එකතු කර මිශ්‍ර කර ගන්නත් පුළුවන් . දෙහි හෝ දොඩම් යුෂ යෙදුවහොත් නිල්කටරොළු තේ පානය දම්පාට කරගැනිමටත් හැකියාවක් තිබේනවා.

නිල් කටරොළු මල් කියන්නේ ඉතාමත් හොඳ ස්වභාවික වර්ණකාරකයක්.

එය ශරිරයේ පවතින අධික දහඩිය දැමිම අඩු කරල ශරීරය සිසිල් කිරීම සඳහා ප්‍රබෝධමත් පානයක් විදිහට ක්‍රියා කරනවා. ස්වාභාවිකවම කැෆේන් රහිත සහ සම්පුර්ණයෙන්ම ශාකසාර සංඝටකයක් වන නිල් කටරොළු මල් තේ ද හරිත තේ වගේම ප්‍රතිඔක්සිකාරක සංරචක අඩංගු වෙනවා.

செய்முறை:

முதலில் 5-6 (ஒரு நபருக்கு) கழுவிய நீல சங்குப்பூக்களை கொதிக்கும் நீரில் போட்டு சுமார் ஐந்து முதல் பத்து நிமிடங்கள் கொதிக்க விடவும். அது நீலமாக மாறியதை பார்க்கலாம். நீல சங்குப்பூவை வேகவைத்த தண்ணீரை வடிகட்டி தேவையான அளவு சர்க்கரை மற்றும் உப்பு சேர்த்து குளிர்சாதன பெட்டியில் வைத்து குடிக்கவும். நீங்கள் சிறிது எலுமிச்சை அல்லது ஆரஞ்சு சேர்த்து கலக்கலாம். எலுமிச்சை அல்லது ஆரஞ்சு சாறு தடவப்பட்டால், ப்ளூ டீ பானத்தை ஊதா நிறமாகவும் செய்யலாம்.

நீல சங்குப்பூ ஒரு நல்ல இயற்கையான வண்ணம்.

உடலில் ஏற்படும் அதிகப்படியான வியர்வையை குறைத்து உடலை குளிர்விக்கும் புத்துணர்ச்சியூட்டும் பானமாக இது செயல்படுகிறது. இயற்கையாகவே காஃபின் இல்லாத மற்றும் முற்றிலும் மூலிகை மூலப்பொருளான நீல சங்குப்பூ டீயில் க்ரீன் டீயில் உள்ள அதே ஆக்ஸிஜனேற்ற கூறுகள் உள்ளன.

 

Scroll to Top