බතල මිනි පෑන්කේක් / வற்றாளைக் கிழங்கு  mini pancake

අවශ්‍ය අමුද්‍රව්‍ය:
  • සුදු හෝ කහ බතල අල 1ක්

  • හාල් පිටි අඩු කෝප්ප 1/4ක්

  • පොල් කිරි අඩු කෝප්ප 3/4ක්

  • රස අනුව ලුණු

  • බිත්තරයක්

  • බේකින් පවුඩර් ස්වල්පයක්

  • කුරුඳු කුඩු තේ හැදි 1/4ක්

  • රට ඉදි 5/6ක්

සාදාගන්නා ආකාරය:

හොඳින් සෝදා ගත් තරම ප්‍රමාණයේ බතල අලයක් කෑලි කපා තම්බා ගන්න. පොත්ත ඉවත් කර ගෙන හොඳින් පොඩි කර ගන්න. එයට බිත්තරයක් එකතු කරගෙන හොඳින් මිශ්‍ර කර ගන්න. හාල් පිටි අඬු කෝප්ප 1/4ක්, රස අනුව ලුණු, කුරුදු කුඩු තේ හැදි 1/4ක්, බේකින් පවුඩර් තේ හැදි කුඩා ප්‍රමාණයක් හා පොල් කිරි එක් කර ගනිමින් පදමට මිශ්‍ර කරගන්න.

පෑන් එකක් රත් කරගෙන එයට මිශ්‍රණයෙන් ස්වල්පය බැගින් එකතු කර ගෙන දෙපැත්ත පෙරලමින් පිස ගන්න.

පොඩි දරුවන් ඉන්න අම්මලාට දරුවන්ට අමතර ආහාරයක් විදිහට පහසුවෙන් කෙටි කාලයකින් මේ බතල මිනි පෑන්කේක් හදලා දෙන්න පුලුවන්. මේ බතල පෑන්කේක් ස්වභාවික පැණි රසයෙන් යුක්ත නිසා කුඩා දරුවන් නිසැකවම ආසා වේවී.

 

தேவையான பொருட்கள்:
  • 1 வெள்ளை அல்லது மஞ்சள் இனிப்பு வற்றாளைக் கிழங்கு 

  • 1/4 கப் குறைவான அரிசி மாவு

  • 3/4 கப் குறைவான தேங்காய் பால்

  • தேவையான அளவு  உப்பு

  • ஒரு முட்டை

  • சிறிது பேக்கிங் பவுடர்

  • 1/4 தேக்கரண்டி கருவாப்பட்டை தூள்

  • காய்ந்த முந்திரி  5/6

செய்முறை:

நன்கு கழுவிய வற்றாளைக் கிழங்கு துண்டுகளாக வெட்டி வேக வைக்கவும். தோலை நீக்கி நன்றாக மசிக்கவும். அதனுடன் ஒரு முட்டையை சேர்த்து நன்கு கலக்கவும். 1/4 கப் அரிசி மா, சுவைக்கு உப்பு, 1/4 தேக்கரண்டி  கருவாப்பட்டை  தூள், சிறிதளவு பேக்கிங் பவுடர் மற்றும் தேங்காய் பால் சேர்த்து பேஸ்ட்டில் கலக்கவும். 

கடாயை ( சூடாக்கி அதில் சிறிது கலவையை சேர்த்து இருபுறமும் வேக வைக்கவும். சிறு குழந்தைகளைக் உள்ள  தாய்மார்கள், குழந்தைகளுக்கு மேலதிக  உணவாக இந்த வற்றாளைக் கிழங்கு  மினி பான்கேக்குகளை குறுகிய நேரத்தில்  எளிதாக தயார் செய்யலாம். இந்த வற்றாளைக் கிழங்கு பான்கேக்குகள் இயற்கையாகவே இனிப்பானவை என்பதால்  குழந்தைகள் நிச்சயமாக அவற்றை விரும்புவார்கள்.

Scroll to Top