කොහිල සහ මාළු බැදුම / கொஹில பிரட்டல்/ பைட்ஸ்

අවශ්‍ය අමුද්‍රව්‍ය:
  • කොහිල අල කෑල්ලක්
  • තක්කාලි
  • ලොකු ළූණු
  • සාලයෝ
  • මාළු මිරිස් (හෝ අමු මිරිස්)

 

අවශ්‍ය අමුද්‍රව්‍ය:

කොහිල අල හොඳින් පොතු හැර සිහින්ව රවුම් පෙති ආකාරයට කපාගන්න. කපාගත් කොහිල පෙතිවලට කහ කුඩු, මිරිස් කුඩු සහ ගම්මිරිස් කුඩු ස්වල්පයක් එකතු කර ලුණු වතුර එකක බහා විනාඩි 2ක් පමණ තබා වතුර මිරිකා හැර පසෙකින් තබා ගන්න.

පෑන් එකක් ගෙන එයට කොහිල අල පෙති බැදීමට අවශ්‍ය තරම් ප්‍රමාණයට පොල් තෙල් දමා තෙල් රත් වු පසු කොහිල පෙති රන්වන් පැහැ වන තෙක් හොඳින් බැදගන්න. ඉන්පසු පිරිසිදු කරගත් සාලයන් ද මෙලෙස හොඳින් බැදගන්න (සාලයන් වෙනුවට වියළි හාල්මැස්සන් වුනත් යොදා ගන්න පුලුවන්) බැදගත් සාලයන් කුඩා කැබලි කරගෙන බැදගත් කොහිල සමඟ මිශ්‍ර කරන්න. මේකට තව කැමති නම් කෙසෙල් මුව, අලුකෙසෙල් පෙති, කොස් ඇට ඵලාවරණ වගේ දේවලුත් බැදලා එකතු කරගන්නත් පුලුවන්.එතකොට තවත් රසයි.

තක්කාලි, ළූණු, මාලු මිරිස් (හෝ අමු මිරිස්) රවුම් හැඩති පෙති විදිහට කපා කොහිල බැදුම් මිශ්‍රණයට එකතු කර රස අනුව ලුණු, ගම්මිරිස් හා මිරිස් කුඩු ස්වල්පයක් ඉහගන්න.

අමුවෙන් තක්කාලි, ළූණු, මාලු මිරිස් එකතු කරන නිසා අපිට මේ කොහිල බැඳුම කල්තබා ගන්න නම් අමාරුයි.

අපිට ඒ වෙනුවට බදින ලද ළූණු,  සුදු ලූනූ, කරපිංචා, කතුරුමුරුංගා කොළ වගේ දේවල් එකතු කරලා මේක කල්තියා ගන්න පුළුවන් විදිහටත් හදාගන්න පුළුවන්. එහෙම හදලා හුළං නොවදින්න බෝතලයකට අසුරලා අපිට කල්තබා ගන්න පුළුවන්.

බෝඩිම් වෙලා, හොස්ටල් වල ඉන්න අය වගෙම කඩිමුඩියේ කෑම පාර්සලයට බෙදාගෙන යන්නත්, නෑයන්ට, අසැල්වැසියන්ටත් තෑගී දෙන්නත් මේ වගෙ තෑග්ගක් මේ කාලේ හැටියට වටින කියන අලුත් දෙයක්.

தேவையான பொருட்கள்:
  • கொஹில கிழங்கு

  • தக்காளி

  • பெரிய வெங்காயம்

  • சாலையோ மீன்

  • கறி மிளகாய் (அல்லது பச்சை மிளகாய்)

செய்முறை:

கொஹில தோலுரித்து மெல்லிய துண்டுகளாக நறுக்கவும். வெட்டிய கொயிலை துண்டுகளுடன் சிறிது மஞ்சள் தூள், மிளகாய் தூள் மற்றும் மிளகு தூள் சேர்த்து உப்பு நீரில் சுமார் 2 நிமிடம் வைத்து, தண்ணீர் பிழிந்து தனியாக வைக்கவும்.

ஒரு கடாயை எடுத்து அதில் தேங்காய் எண்ணெயை போட்டு பொரித்து எடுக்கவும் பிறகு சுத்தம் செய்த சாலை மீனை நன்றாக வறுக்கவும் (சலாவுக்கு பதிலாக நெத்திலியை பயன்படுத்தலாம்) வறுத்த மீனை சிறு துண்டுகளாக நறுக்கி பொரித்த கொஹில யிடன் கலக்கவும். உங்களுக்கு இது மிகவும் பிடித்திருந்தால் வாழைப்பூ , வாழைக்காய்., பலாச்சுளை போன்றவற்றையும் வறுத்து சேர்த்துக்கொள்ளலாம்.

தக்காளி, வெங்காயம், கறி மிளகாய் (அல்லது பச்சை மிளகாய்) வட்ட துண்டுகளாக நறுக்கி, கலவையில் சேர்த்து, சுவைக்கு ஏற்ப சிறிது உப்பு, மிளகு மற்றும் மிளகாய் தூள் தூவவும்

தக்காளி, வெங்காயம், மீன், மிளகாய் ஆகியவற்றை பச்சையாகச் சேர்ப்பதால், இந்தக் வறுவலை வைத்திருப்பது கடினம்.

மாறாக பொரித்த வெங்காயம், பூண்டு, கறிவேப்பிலை, கொத்தமல்லி தழை போன்றவற்றைச் சேர்த்து நீண்ட நாள் பதப்படுத்தி வைக்கலாம். காற்று புகாத பாட்டிலில் சேமித்து வைத்துக் கொள்ளலாம்.

விடுதிகளில் தங்குபவர்கள், உறவினர்கள், அக்கம் பக்கத்தினருக்கும் வழங்கலாம். எனவே, தோட்டத்தில் இருந்தும் கடையிலிருந்தும் சுலபமாக வாங்கும் போது, ​​கொஞ்சம் ஆக்கப்பூர்வமாக யோசித்து, இதுபோன்ற ஒன்றைச் செய்தால், அது உங்கள் பொருளாதாரத்திற்கும் எளிதானது மற்றும் உணவு வீணாவதும் குறையும்.

Scroll to Top