රස ගුණ පිරුණු කොහිල සොසේජස් / சுவையான கொஹில சாசேஜ்

අවශ්‍ය අමුද්‍රව්‍ය:
  • කපාගත්තු කොහිල 400g

  • අමු මිරිස් කරල් 2ක්

  • සුදු ලූණු බික් 2-3ක්

  • ඉඟුරු පොඩි කෑල්ලක්

  • සිහින්ව ලියාගත්තු කරපිංචා

  • හාල් පිටි 100g

  • කෑලි මිරිස් තේ හැදි 2ක්

  • ගම්මිරිස් කුඩු තේ හැදි 2ක්

  • රස අනුව ලුණු

  • කැන්ද කොළ/කෙසෙල් කොළ

සාදාගන්නා ආකාරය:

ගොඩක් අය කොහිල කන්න වැඩි කමැත්තක් නැති  වුනාට සොසේජස් කන්න කැමති නෙ. මේක 100%ක්ම වෙජිටේරියන් රෙසිපි එකක්.

මුලින්ම කොහිල ටික සුද්ද කරගෙන සිහින්ව කපාගන්න. මේකට ඔයාලට මෝරපු කොහිල වුනත් භාවිතා කරන්න පුලුවන්. දැන් මේ ටික භාජනයකට දාලා රස අනුව ලුණු එකතු කරන්න. එය වැසෙන මට්ටමට වතුර එකතු කරලා විනාඩි 10-15ක් විතර අඩු ගින්දරේ තම්බගන්න.  තම්බ ගත්තු කොහිල ටික පෙරා ගෙන වතුර ඉවත් කරගන්න. ඊළඟට ඒවා බ්ලෙන්ඩර් (Blender) කප් එකට එකතු කර ගන්න. එයටම සුදු ලූණු බික් 2-3ක්, පොඩි ඉඟුරු කැබැල්ලක්, අමු මිරිස් කරල් 2ක්, සිහින්ව ලියාගත්තු කරපිංචා, කෑලි මිරිස් තේ හැදි 2ක්, ගම්මිරිස් කුඩු තේ හැදි 2ක් හා රස අනුව ලුණු එකතු කරලා හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න.

එය භාජනයකට දමා ගෙන හාල් පිටි 100g ක් පමණ එකතු කරගෙන (ටිකක් තද පදමට එන තුරු) හොඳින් කලවම් කරගන්න. (තෙත ගතිය වැඩි නම් තව හාල් පිටි ටිකක් එකතු කරගන්න).

දැන් කැන්ද කොළ  (කෙසෙල් කොළ  වුනත් භාවිතා කරන්න පුලුවන්) අරගෙන එයට සාදාගන්නා ලද මිශ්‍රණයෙන් මේස හැදි 2ක් පමණ එකතු කරගෙන අතින්  රෝල් කර ඔතමින් දිගැටි සොසේජස් හැඩයට හදා ගෙන දෙපැත්ත තද කර ගැට ගසාගන්න. සියල්ලම මේ විදිහට සාදාගෙන අවසන් වූ පසුව විනාඩි 20ක් හුමාලයෙන් තම්බා ගන්න. දැන් මේ ටික නිවෙන්න දෙන්න. නිවුනට පස්සෙ ඩීප් ෆ්‍රීසර් (deep freezer) එකේ පැයක කාලයක් තබා ගන්න.

පෑන් එකකට යන්තම් තෙල් ස්වල්පයක් එක් කරගෙන පැයකට පසුව ඉවතට ගත්තු මේ කොහිල  සොසේජස් දෙපැත්ත හරවමින් බැද ගන්න.

ඉතින් කොහිල කන්න අකමැති අයට කොහිල කවන්න හොඳ ක්‍රමයක් තමයි මේ කොහිල සොසේජස්. අලුත් විදිහට හිතලා දේශීය බෝග ආදේශනයෙන් මේ විදිහට පසුම්බියට හා සෞඛ්‍යයට හිතකරව නිර්මාණශීලීව ආහාර රටාවකට හුරුපුරුදු වෙමු.

தேவையான பொருட்கள்:
  • 400 கிராம் நறுக்கிய கொஹில

  • 2 பச்சை மிளகாய் காய்கள்

  • 2 பல் பூண்டு 

  • சிறிய துண்டு இஞ்சி

  • 2டீஸ்பூன் நறுக்கிய கறிவேப்பிலை

  • அரிசி மாவ 100 கிராம்

  • 2டீஸ்பூன் காய்ந்த மிளகாய்  துண்டுகள்

  • 2டீஸ்பூன் மிளகு தூள்

  • உப்பு தேவையான அளவு 

  • வட்டக்கண்ணி இலைகள் /வாழை இலைகள்

செய்முறை:

பலருக்கு கொஹில சாப்பிட பிடிக்காது, ஆனால் சாசேஜ் சாப்பிட பிடிக்கும்.  இன்று நாம்  கொஹில யிலிருந்து சாசேஜ் செய்யும் முறையை அறிவோம். இது 100% சைவ உணவு

முதலில் கொஹில யை சுத்தம் செய்து மெல்லியதாக நறுக்கவும்.  இதற்கு நீங்கள் முற்றிய  கொஹில யைக் கூட பயன்படுத்தலாம். நறுக்கிய துண்டுகளை ஒரு பாத்திரத்தில் போட்டு தேவையான அளவு உப்பு சேர்க்கவும்.

பிறகு அத்துண்டுகளை மூடுமளவு தண்ணீர் சேர்த்து, மிதமான தீயில் சுமார் 10-15 நிமிடங்கள் கொதிக்க வைக்கவும்.  வேகவைத்த கொயிலையை வடிகட்டி எடுக்கவும். பின் அவற்றை பிளெண்டர் கோப்பையில் சேர்த்து  2-3 பூண்டு பல், ஒரு சிறிய துண்டு இஞ்சி, 2 பச்சை மிளகாய்கள், பொடியாக நறுக்கிய கறிவேப்பிலை 2 டீஸ்பூன்,காய்ந்த மிளகாய்   துண்டுகள் 2 டீஸ்பூன், மிளகுத் தூள் 2 டீஸ்பூன் மற்றும் தேவையான அளவு உப்பு சேர்த்து நன்கு அரைக்கவும்.

இக்கலவையை ஒரு பாத்திரத்தில் இட்டு அதில் சுமார் 100 கிராம் அரிசி மாவு சேர்த்து (சிறிது கெட்டியாகும் வரை) பதமாக நன்கு கலக்கவும்.

இப்போது வட்டக்கண்ணி  இலைகளை (வாழை இலைகளையும் பயன்படுத்தலாம்) எடுத்து அதில்  2 மேசைக்கரண்டி கலவையை சேர்த்து உருளை வடிவில் உருட்டி(சாசேஜ் வடிவில்)எடுக்கவும்.  பின்னர் 20 நிமிடம் நீராவியில் வேக வைத்து  நன்கு ஆரவிடவும்.  பின் ஒரு மணி நேரம் deep freezer இல் வைக்கவும்.

ஒரு கடாயில் சிறிது எண்ணெய் ஊற்றி ஒரு மணி நேரம் குளிரூட்டியில் வைத்த   கொஹில சாசேஜை   இருபுறமும் பிரட்டி வறுக்கவும்.

கொஹில சாப்பிட விரும்பாதவர்கள் கூட இந்த  சாஸேஜை விரும்பி சாப்பிடுவர்.  புதிய வழியில் சிந்தித்து, உள்ளூர் பயிர்களை பயன்படுத்தி மலிவான  ஆரோக்கியமான  உணவுகளை உண்ண பழகுவோம்.

Scroll to Top