ගෝවා බත් / கோவாவுடனான சோறு

අවශ්‍ය අමුද්‍රව්‍ය:
  • ගෝවා ග්‍රෑම් 200, පිසූ බත් කෝප්ප 2ක් 
  • බිත්තර 1 
  • ළූණු
  • තක්කාලි ගෙඩි 2 ක්
  • අමු මිරිස් , ඉඟුරු සහ සුදුළූණු පේස්ට්
  • උම්බලකඩ පෙති
  • අබ,කහ, මිරිස් කුඩු
  • ලුණු 
  • ගම්මිරිස්
  • කරපිංචා
  • පොල්තෙල්
සාදාගන්නා ආකාරය:

හොඳින් සෝදා ගත් ගෝවා කුඩා කැබලිවලට කපා ගන්න. රස අනුව ලුණු, ගම්මිරිස්, කහ කුඩු ගෝවා කැබලිවලට එකතු කරන්න. ළූණු, අමු මිරිස්, තක්කාලි ද කපා ගන්න.

පෑන් එකට තෙල් ස්වල්පයක් දමා හොඳින් රත් වූ විට මුලින්ම අබ එකතු කරන්න. ඉන්පසු සුදුළූණු සහ ඉඟුරු පේස්ට් එකතු කරන්න. ඒවායේ අමු සුවඳ ඉවත් වී රන්වන් පාට වන තුරු බැද ගන්න. ඉන්පසු ළූණු, කරපිංචා හා අමු මිරිස් එක් කර ටිකක් මැලවෙන්න ඉඩ අරින්න. දැන් සිහින්ව කපා ගත් ගෝවා කෑලි එකතු කර හොඳින් කළවම් කරන්න.

එම භාජනයටම ගසා ගත් බිත්තරයක් තක්කාලි සහ උම්බලකඩ කැබලි ද එකතු කර හොඳින් මිශ්‍ර කර විනාඩි 2-3ක් පමණ පිසෙන්නට ඉඩ හරින්න. කැමති නම් බිත්තර වෙනුවට මස්, මාළු වුනත් එකතු කරගන්න පුලුවන්. බිත්තර කියන්නෙ අපිට ගන්න පුලුවන් ලාභදායීම ප්‍රෝටීන් ප්‍රභවයක් නිසා මං එකතු කර ගත්තේ බිත්තරයක්. ඔබේ රස පරිදි ලුණු හා ගම්මිරිස් එකතු කරන්න.

දැන් එයට පිසූ බත් කෝප්ප 2ක් එකතු කරගෙන හොඳින් කළවම් කර ගන්න.උණු උණුවේම රස බලන්න. හදිසි වෙලාවකදී පහසුවෙන් ඉක්මනින් රසට කන්න හදාගන්න පුලුවන් one pot dish එකක් විදිහටත් මේ ගෝවා බත් එක හඳුන්වන්න පුලුවන්.

தேவையான பொருட்கள்:
  • கோவா  200 கிராம்

  • சமைத்த சோறு  2 கப்

  • 1 முட்டை

  • வெங்காயம்

  • 2 தக்காளி

  • பச்சை மிளகாய்

  • இஞ்சி மற்றும் பூண்டு விழுது

  • மாசி துண்டுகள்

  • கடுகு

  • மஞ்சள்தூள்

  • மிளகாய்த்தூள்

  • உப்பு

  • மிளகுத்தூள்

  • கறிவேப்பிலை

  • தேங்காய் எண்ணெய்

செய்முறை:

நன்கு கழுவி சிறு துண்டுகளாக நறுக்கப்பட்ட கோவா  துண்டுகளுடன் தேவைக்கேற்ப உப்பு, மிளகுத்தூள், மஞ்சள் தூள் சேர்க்கவும். அத்தோடு வெங்காயம், பச்சை மிளகாய் மற்றும் தக்காளியையும் நறுக்கி வைத்துக்கொள்ளவும்.

கடாயில் சிறிது எண்ணெய் விட்டு சூடானதும் முதலில் கடுகு போடவும். பிறகு பூண்டு மற்றும் இஞ்சி விழுது சேர்க்கவும். அவற்றின் பச்சை வாசனை போய் பொன்னிறமாகும் வரை வறுக்கவும். பிறகு வெங்காயம், கறிவேப்பிலை, பச்சை மிளகாய் சேர்த்து சிறிது வதக்கவும்.

இப்போது பொடியாக நறுக்கிய கோவா  துண்டுகளை சேர்த்து நன்கு கலக்கவும்.அதே பாத்திரத்தில் ஒரு முட்டை, தக்காளி மற்றும் மாசி துண்டுகளை சேர்த்து, நன்கு கலந்து 2-3 நிமிடங்கள் சமைக்கவும். நீங்கள் விரும்பினால், முட்டைக்கு பதிலாக இறைச்சி அல்லது மீன் சேர்க்கலாம்.

நாம் வாங்கக்கூடிய புரத உணவுகளில்  மலிவானது  முட்டை, எனவே நான் ஒரு முட்டையை சேர்த்துக்கொண்டேன் . உங்கள் சுவைக்கு உப்பு மற்றும் மிளகு சேர்க்கவும்.இப்போது அதனுடன் 2 கப் சமைத்த சோற்றை  சேர்த்து நன்கு கலக்கவும்.சூடாக இருக்கும்போது சுவைக்கவும்.கோவா சோற்றை one pot dish என்றும் அழைக்கலாம், இது அவசரகாலத்தில் எளிதில் தயாரிக்ககூடியதாகும்.

Scroll to Top