බතල පෝෂණමය රොටී / வற்றாளைக் கிழங்கு போஷனை ரொட்டி

අවශ්‍ය අමුද්‍රව්‍ය:
  • බතල අල 2ක්
  • හාල් පිටි කෝප්ප 1/2ක්
  • ගා ගත් පොල්
  • පොඩි කැරට් අලයක්
  • අමු මිරිස් කරල් 2ක්
  • පොඩි ළූනු ගෙඩියක්
  • රස අනුව ලුණු
  • කෑලි මිරිස් තේ හැදි 1/4ක්
  • කරපිංචා
  • පොල් තෙල් මේස හැදි 1ක්
සාදාගන්නා ආකාරය:

බතල අල හොඳින් සෝදා ගෙන තම්බා ගන්න. තැම්බුන පසුව පොත්ත ඉවත් කරගෙන පොඩි කර ගන්න. මේ ආකාරයට පොඩි කර ගත් බතල වලට හාල් පිටි අඬු කෝප්ප 1/2ක්, ගා ගත්ත පොල්, සිහින්ව ලියා ගත් ළූනු, අමු මිරිස්, කැරට් අලයක්, රස අනුව ලුණු හා කෑලි මිරිස් තේ හැදි 1/4ක් එකතු කරලා හොඳින් මිශ්‍ර කර ගන්න.

සාදා ගත් මිශ්‍රණය අතෙ පොල් තෙල් ස්වල්පයක් ගා ගෙන කුඩා රොටී ආකාරයට වඩා ගන්න. මේ සඳහා මං කෙසෙල් කොළ භාවිතා කරා. පැතලි තැටියක් වුනත් භාවිතා කරන්න පුලුවන්.

රත් කර ගත් පෑන් එකක/ තැටියක හදා ගත්තු බතල රොටී ටික දෙපැත්ත හරවමින් හොඳින් පුළුස්සා ගන්න. උණු උණුවේම රස විදින්න.

ඉතින් හැමදාම තම්බලා කන බතල ගැන පෝෂණය ගුණයත් රැකෙන පරිදි ටිකක් නිර්මාණශීලීව හිතලා අපිට මෙහෙමත් හදාගෙන කරන්න පුළුවන්.

தேவையான பொருட்கள்:
  • 2 வற்றாளைக் கிழங்கு

  • 1/2 கப் அரிசி மா

  • துருவிய தேங்காய்

  • ஒரு சிறிய கேரட்

  • 2 பச்சை மிளகாய் காய்கள்

  • ஒரு சின்ன வெங்காயம்

  • ருசிக்க உப்பு

  • 1/4 தேக்கரண்டி நறுக்கிய மிளகாய்

  • கறிவேப்பிலை

  • தேங்காய் எண்ணெய் 1 தேக்கரண்டி

செய்முறை:

வற்றாளை கிழங்கை நன்கு கழுவி வேக வைத்துக்கொள்ளவும். கொதித்ததும் தோலை நீக்கி மசிக்கவும். மசித்த வற்றாளை கிழங்குடன் 1/2 கப் அரிசி மாவு, தேங்காய் துருவல், பொடியாக நறுக்கிய வெங்காயம், பச்சை மிளகாய், ஒரு கேரட், சுவைக்கேற்ப உப்பு மற்றும் 1/4 தேக்கரண்டி  சில்லி ஃப்ளேக்ஸ் சேர்த்து நன்கு கலக்கவும்.

தயார் செய்த கலவையில் சிறிது தேங்காய் எண்ணெய் தடவி சிறு ரொட்டி போல் செய்து கொள்ளவும். இதற்கு வாழை இலையைப் பயன்படுத்தினேன். ஒரு தட்டை கூட பயன்படுத்தப்படலாம்.

தயாரிக்கப்பட்ட வற்றாளை கிழங்கு ரொட்டியை சூடான ரொட்டிக்கல்லில்  இருபுறமும் திருப்பிப் போட்டு சுடவும். சூடாக உண்டு மகிழுங்கள்.

எனவே, வழமையாக  வேகவைத்து உண்ணும் வற்றாளை கிழங்குப் பற்றி நாம் கொஞ்சம் ஆக்கப்பூர்வமாக சிந்திக்கலாம், இதனால் ஊட்டச்சத்து தரம் பாதுகாக்கப்படுகிறது.

Scroll to Top