මුරුංගා කොල කෝම්පිට්ටු / முருங்கை இலை பிட்டு

රතු කැකුලු සහල් කොටා ගන්න. පොල් අවශ්ය ප්රමාණයට ගා ගන්න. අමුමිරිස්, රතුලුනු,කැරට් සහ මුරුංගා කොල සිහින්ව ලියා ගෙන කලවම් කර මිශ්රණයක් සාදා ගන්න.සහල් පිටි සමග මෙම මිශ්රණය කලවම් කර ගන්න. අවශ්ය ප්රමාණයට ලුණු ද එක් කර ගන්න. මෙම මිශ්රණය හොඳට කලවම් කර ගොලගැට
(ගොලගැට යනු කලවම් කරන විට සෑදෙන ගුලිවලටයි) සාදා ගන්න. ඉන්පසු ලුණු පදම බලා අවශ්ය නම් ලුණු එකතු කර ගෙන නැවත කලවම් කර ගන්න.

ඉන්පසුව තමන් කැමති ප්රමාණයට කප්වලට දමා කෝම්පිට්ටු ආකාරයට සාදා ගන්න.ඉන්පසු රයිස් කුකර් එකට වතුර දමා වතුර රත් වූ විට ස්ටීමරයට, සාදා තබා ගන්නා ලද කෝම්පිට්ටු ටික තබා,විනාඩි තිහක් පමණ තම්බා ගන්න. මිරිස් , රතුලුනු , උම්බලකඩ අවශ්ය ප්රමාණයට ලුනුදා මිරිස් ගලේ හොදට ලුනුමිරිස් අඹරා ගන්න.අවශ්ය ප්රමාණයට ඇඹුල් යොදා පොල් කිරිද සමග සාදාගත් පිට්ටු කෑ හැකියි.

சிவப்பு அரிசியை அரைத்து கொள்ளவும். தேவையான அளவு துருவிய தேங்காய். பச்சை மிளகாய், சிவப்பு வெங்காயம், கேரட் மற்றும் முருங்கை இலைகளை நைசாக அரைத்து, கலவையாகக் கிளறி, இந்த கலவையை அரிசி மாவுடன் கலக்கவும். தேவையான அளவு உப்பு சேர்க்கவும். இந்தக் கலவையை நன்றாகக் கலந்து பிட்டுக்குப் பிசையும் பதத்தில் பிசையவும். பிறகு உப்பை சரிபார்த்து தேவையானால் உப்பு சேர்த்து மீண்டும் கிளறவும். பிறகு தேவையான அளவு கப்களில் போட்டு ரைஸ் குக்கரில் தண்ணீர் ஊற்றி தண்ணீர் சூடாகியதும் செய்து கப்களில் வைத்துள்ள பிட்டு கலவையை சுமார் முப்பது நிமிடம் அவிய விடவும்.

தேவையான அளவு மிளகாய், சிறிய வெங்காயம், மாசி கருவாடு ஆகியவற்றை சேர்த்து அம்மிக்கல்லில் அரைத்து பிட்டுடன் உண்டு மகிழலாம். அல்லது பாலுடனும் உண்ணலாம்.

Scroll to Top