වට්ටක්කා පිට්ටු / பூசணி பிட்டு

සාම්ප්රදායික පිට්ටුවෙන් ටිකක් බැහැර වෙලා එළවළු හා පලා මිශ්ර කරලා හදන පිට්ටුවක් තමයි අද අපි හදන්නෙ. එළවළු විදිහට වට්ටක්කා සහ මුරුංගා කොළ පලා විදිහටත් අපි පිට්ටුව හදන්න පාවිච්චියට ගත්තේ.

ඉතින් වට්ටක්කා කියන්නෙ විටමින් A බහුල ප්රභවයක්, අමතරව විටමින් C, E, රයිබෝෆ්ලේවින් පොටෑසියම් , යකඩ, කොපර්, මැංගනීස් යන ඛනිජ ලවණ අඩංගු වෙනවා. ඉතින් වට්ටක්කා කියන්නෙ කැරට් වලට සාපේක්ෂව පහසුවෙන් සපයගන්න පුලුවන් ලාභදායී කහ පාට එළවළුවකට ආදේශනයක්.

මුරුංගා කොළ කැල්සියම් හා යකඩ බහුලවම තියෙන පලා වර්ගයක්. ඕනෙම ගෙවත්තක වැට මායිමකට වුනත් අපිට මුරුංගා පැළයක් හිටවන්න පුලුවන්. සාමාන්යයෙන් හාල් පිටියි, පොලුයි මිශ්ර කරලා හදන පිට්ටුව හොඳ ශක්ති ජනක ආහාරයක් වුනත්, මේ විදිහට එළවළු/ පලා මිශ්ර කිරීමෙන් අමතර පෝෂ්ය පදාර්ථ වලින් සංතෘප්ත ආහාර වේලක් අඩු වියදමකින්, පහසුවෙන් හා ඉක්මනට හදාගන්නත් පුළුවන්.

අඩු බර දරුවන්ට බර වැඩි වෙන්න දෙන්න සුදුසු උදෑසන හෝ රාත්රි ආහාරයක් විදිහටත් මේ පෝෂ්යදායි වට්ටක්කා පිට්ටුව හඳුන්වන්න පුළුවන්. වට්ටක්කාවල තියෙන පැණි රස ස්වාභාවය නිසා කුඩා දරුවන්ට ගොඩක් ප්රියජනක ආහාරයකුත් වේවී.

මේ පිට්ටුව හදන්න හරිම පහසුයි. සෝදාගත් වට්ටක්කා පොඩි කෑල්ලක් ග්රේට් කරගන්න. ( නැත්තම් සිහින්ව කපා ගන්න.) පිට්ටු මිශ්රණය අනන්න අවශ්ය භාජනට ගා ගත්තු පොල්, ග්රේට් කර ගත්තු වට්ටක්කා සහ රස අනුව ලුණු එකතු කරගන්න. දැන් එයට අවශ්ය ප්රමාණයට හාල් පිටි එකතු කරගෙන සාමාන්යයෙන් පිට්ටු අනන ආකාරයටම මිශ්රණය හදා ගන්න. අන්තිමටම මුරුංගා කොළ මිටක් විතර එයට එකතු කරලා කළවම් කරගන්න. දැන් මිශ්රණය පිට්ටු බම්බුවකට ( හෝ ස්ටීමර් එකෙන්) දාලා තම්බ ගන්න. අපි වට්ටක්කා ග්රේට් කරලා සිහින්ව යොදා ගන්න නිසා හාල් පිටි තැම්බෙන්න යන වෙලාවෙදිම වට්ටක්කාත් හොඳින් තැම්බෙනවා. තැබෙනකොට හොඳ සුවඳක් වගෙම හොඳ රසයකුත් තියනවා. ඉතින් ඔයාලත් හදලා බලන්නකො.

பாரம்பரிய பிட்டுகளில் இருந்து சற்று வித்தியாசமாக காய்கறிகள் மற்றும் மூலிகைகளால் இன்று பிட்டு தயாரிகும் முறையை அறிவோம்.

எனவே பூசணி ஒரு மலிவான மஞ்சள் காய்கறி மாற்றாகும், கேரட்டுடன் ஒப்பிடும்போது எளிதாகக் கிடைக்கிறது.

முருங்கை இலைகள் கால்சியம் மற்றும் இரும்புச்சத்து நிறைந்து.வீட்டு தோட்டத்திலும், வேலியின் ஓரத்திலும் முருங்கை செடியை நடலாம். பொதுவாக அரிசி மா மற்றும் தேங்காய் பூ கலந்து செய்யப்படும் பிட்டு நல்ல சக்தி ( energy)தரும் உணவாக இருந்தாலும், காய்கறிகள்/கீரைகளை பயன்படுத்தி குறைந்த செலவில், எளிதாகவும், விரைவாகவும் கூடுதலான சத்துக்கள் கொண்ட உணவு செய்யலாம்.

இந்த சத்தான பூசணிக்காய் பிட்டு எடை குறைந்த குழந்தைகள் உடல் எடையை அதிகரிக்க ஏற்றது காலை அல்லது இரவு உணவாக வழங்களாம். பூசணிக்காயின் இனிப்பு தன்மையால், சிறு குழந்தைகளுக்கும் மிகவும் பிடிக்கும்.

இந்த பிட்டை செய்வது மிகவும் எளிது. கழுவிய பூசணிக்காயை சிறிய துண்டுகளாக துருவவும். (அல்லது மெல்லியதாக நறுக்கவும்.) பெரிய பாத்திரத்தில் தேங்காய் துருவல், துருவிய பூசணிக்காய் மற்றும் உப்பு சேர்த்து பிட்டு கலவை தயாரிக்கவும். இப்போது அதனுடன் தேவையான அளவு அரிசி மா சேர்த்து, வழக்கம் போல பிட்டு செய்யும் பதத்தில் கிளறவும் . கடைசியாக அதில் ஒரு கைப்பிடி முருங்கை இலையைச் சேர்த்துக் கிளறவும். இப்போது கலவையை பிட்டு குழல் (அல்லது ஸ்டீமரில்) போட்டு வேக வைக்கவும். நாம் பூசணிக்காயைத் துருவி நன்றாகப் பயன்படுத்துவதால், அரிசி மாவு கொதிக்கும் அதே நேரத்தில் பூசணிக்காயும் நன்றாக வேகும். நல்ல வாசனையுடன் நல்ல சுவையும் கொண்டது.

Scroll to Top