කුරක්කන් පෑන් කේක් / குரக்கன் பான் கேக்

අවශ්‍ය අමුද්‍රව්‍ය:
  • කුරක්කන් පිටි 100g (කෝප්ප 3/4)
  • කිරි – 100ml (කෝප්ප 3/4යි)
  • බිත්තර 1යි
  • පොල්තෙල් මේස හැඳි – 2යි
  • දුඹුරු සීනි මේස හැඳි 1යි
  • කුරුඳු කුඩු තේ හැඳි 1/4යි
  • බේකින් පවුඩර් පුරවපු තේ හැඳි 1යි
  • වැනිලා තේ හැඳි 1යි
සාදාගන්නා ආකාරය:

වියළි අමුද්‍රව්‍ය එකට මිශ්‍රකර පසෙකින් තබන්න.
දියර අමුද්‍රව්‍ය මිශ්‍ර කර වියළි අමුද්‍රව්‍ය මැදට වත් කර අත සැහැල්ලුවෙන් ක්‍රම ක්‍රමයෙන් මිශ්‍ර කරගන්න.
පෑන් එක රත්වූ විට තුනී තෙල් ස්තරයක් පින්සලක් හෝ පොට්ටනියක් ආධාරයෙන් ඒ මත තවරා ගන්න.

ගැඹුරු හැන්දකින් අඟල් 4ක පමණ විෂ්කම්බයක් එන ලෙස බැටර් එක පෑන් එක මතට වත් කරන්න. ඝණකම වැඩිවී පෘෂ්ඨයේ වායු බුබුළු මතුවී එන විට අනිත් පැත්ත හරවන්න.

සාදාගැනීමට යන උපරිම වේලාව මිනිත්තු 20කි. රූපයේ දැක්වෙන ප්‍රමාණයේ පෑන් කේක් 4ක් සෑදෙන බැවින් වැඩිහිටියන් දෙදෙනෙකුට හොඳටම සෑහේ.

රූපයේ පරිදි කෙසෙල් සහා කිතුල් පැණි සමඟ රසවත් බව තවත් වැඩි කරගත හැක. කෙසෙල් වෙනුවට අඹ, අන්නාසි හෝ අලිගැටපේර වුවත් යොදාගත හැක. කිතුල් පැණි වෙනුවට පොල් පැණි හෝ මී පැණිද යොදාගත හැක.

தேவையான பொருட்கள்:
  • குரக்கன் மா 100 கிராம் (3/4 கப்)

  • பால் – 100 மிலி (3/4 கப்)

  • 1 முட்டை

  • தேங்காய் எண்ணெய் – 2 தேக்கரண்டி

  • சிவப்பு  சீனி 1 தேக்கரண்டி

  • கருவாப்பட்டை தூள் 1/4 தேக்கரண்டி

  • 1 முழு தேக்கரண்டி பேக்கிங் பவுடர்

  • வெண்ணிலா 1 தேக்கரண்டி

செய்முறை:

உலர்ந்த பொருட்களை ஒன்றாக கலந்துக்கொள்ளவும்.

திரவ பொருட்களை கலந்து உலர்ந்த பொருட்களின் நடுவில் ஊற்றி மெதுவாக கையால் கலக்கவும்.

பான் சூடாக இருக்கும் போது, ​​ஒரு தூரிகை அல்லது துணியினால்  சிறிதளவு எண்ணெய் பூசிக்கொள்ளவும்,

ஆழமான ஸ்பூனைப் பயன்படுத்தி, 4 அங்குல விட்டம் கொண்ட வாணலியில் மாவை ஊற்றவும். கெட்டியானதும்  காற்று குமிழ்கள் மேற்பரப்பில் தோன்றும் போது, ​​மறுபுறம் திரும்பவும்.

தயாரிப்பதற்கான அதிகபட்ச நேரம் 20 நிமிடங்கள். படத்தில் காட்டப்பட்டுள்ள அளவில்  4 பான் கேக் செய்யலாம். இது 2 பெரியவர்களுக்கு போதுமானது.

படத்தில் காட்டப்பட்டுள்ளபடி, வாழைப்பழம் மற்றும் கித்துள் பாணி மூலம் சுவை அதிகரிக்கலாம். வாழைப்பழத்திற்கு பதிலாக மாம்பழம், அன்னாசி அல்லது ஆனைக்கொய்யா  பயன்படுத்தலாம். தேனுக்கு பதிலாக தேங்காய் பாணி அல்லது தேன் பயன்படுத்தலாம்.

Scroll to Top