නාරං ගහේ දල්ල රෝල් වෙලා..

ප්‍රශ්නය :


නාරං ගහේ දල්ල රෝල් වෙලා.දළු කොළ හැදෙන්න දෙන්නම නැහැ.පිළියම මොකක්ද ?

පිළිතුර :

පැඟිරි කුලයේ බෝග වලට හානි කරන සිට්රස් ලීෆ් මයිනර් (citrus leaf miner) හානිය.
අනිත් ශාක වල සිතියම් අදින්නා මැස්සෙක් උනාට මෙයා සලබයෙක්. කීටයා කොලේ ඇතුලෙන් කනවා. පීලා අවධියයට වගේ වෙනකොට කොලේ රෝල් වෙන්න ගන්නවා. දළු වලට තමා ගොඩක්ම හානි කරන්නේ.

හොදට බැලුවොත් කීටයා ඇතුලේ ඉන්නවා බලාගන්න පුළුවන්. කොලේ මේ වගේ පාරවල් වල ( 2 රූපය) කෙලවරක කීටයා ඇති. පිලා කෝෂය හදද්දී ගොඩක් වෙලාවට කොලේ දාරය ඇතුලට රෝල් කරලා තමා හදන්නේ. පෙන විදියට මේකත් පිලා කෝෂයක් වගේ. ඒවා ඉවත් කරලා දාන්න

සලබයා බිත්තර දාන ඒක වළක්වන්න සතියකට පාරක් වගේ තෙල් 1 මේස හැන්දක් (කොහොඹ තෙල් තියෙනවනම් තවත් හොඳයි), සබන් දියර මේස හැන්දක් වතුර 1l දාලා උදේ වරුවේ ස්ප්‍රේ කරන්න. කීටයා කොලේ ඇතුලේ ඉන්න නිසා එයාට හානියක් වෙන්නේ නෑ. ඒ නිසා කීටයා බලලා ඉවත් කරන්න.

සටහන : දිලිනි තක්ෂිලා [ YouPAH Agventure ව්‍යාපෘති සම්බන්ධීකරණ කමිටුව ]

මේ අහරින් සුරක්ෂිත රටක් වෙනුවෙන් වන YouPAH Agventure: පෙරළියක ඇරඹුම කණ්ඩායමේ සංවාද ඇසුරෙන් ගොඩ නැගෙන post මාලාවකි.

ඔබත් මේ ව්‍යාපෘතිය සමග සම්බන්ධ වීමට කැමති නම් YouPAH Agventure fb සමූහයට එක්වෙන්න..🌱

Scroll to Top