මෑ වැලේ කොළ හැකිලිලා ගිහින්

මෑ වැලේ මේ විදියට ඉහල කොටසේ කොළ ඇකිලිලා ගිහින්. කොළවල යට පැත්තේ සත්තු පේන්න නැහැ. ඒ වැලේම පහළ කොළවල සිතියම් පණුවා ඉන්නවා. කෘමි විකර්ෂකත් යොදනවා.තව කරන්න පුළුවන් දෙයක් තියෙනවද?

පැළ මැක්කාගේ හානිය. ගොඩක් පොඩි නිසා ඇහැට පේනවා අඩුයි. කොළ වල දාරේ ඇතුලට රෝල් වෙලා තියන තැන තමා කට්ටිය ඉන්නේ. කොළ වල යටට හොදට ස්ප්‍රේ කරන්න.

සිතියම් පණුවා කොලේ ඇතුලේ ඉන්න නිසා විකර්ෂක වලින් ලොකු බලපෑමක් නෑ. පාරේ කෙළවර ඉන්නවා පණුවා කළු පාටට තිතක් වගේ. එතනින් කොලේ කෑල්ලක් කඩලා අයින් කරලා දාන්න පණුවව.

කෘමි විකර්ෂක පිළිබද ලිපි සදහා පිවිසෙන්න

https://www.facebook.com/101752978736818/posts/279476474297800/

https://www.facebook.com/101752978736818/posts/280677140844400/

සිතියම් පණුවා

https://www.facebook.com/101752978736818/posts/304491691796278/

සටහන : දිලිනි තක්ෂිලා [ YouPAH Agventure ව්‍යාපෘති සම්බන්ධීකරණ කමිටුව ]

Scroll to Top