වවමුද ගෙදර මින්ට් ටිකක් ?

න්ට් ටිකක් කිව්වට මින්ට් වර්ගනම් ගොඩක් තියෙනවා. හැමෝම දන්න මින්ච් එහෙමත් නැත්නම් commo mint ඊට අමතරව ස්පියමින්ට් (spearmint), පෙපර්මින්ට් (peppermint), ඇපල්මින්ට් (applemint), ලෙමන් බාම් (lemon barm),…etc. වගේ මින්ට් වර්ග ගොඩක් තියනවා.
 
අපි මේවට කියනවා හර්බ්ස් වර්ග කියලත්. මොකද මේවල තියනවා ලොකු ඖෂධීය වටිනාකමක්. නිකමට බැලුවොත් අපි එදිනෙදා භාවිතා කරන ඉන්හේලර් වර්ග, බාම් වර්ග, දත් බෙහෙත් වගේ ගොඩක් නිෂ්පාදන වලට මේ මින්ට්, මින්ට් රසය සහ සුවඳ එකතුකර ගන්නවා. මොකද මින්ට් සුවඳට පුළුවන් පොඩි හිසරදයකට පවා සහනයක් දෙන්න. ඒ වගේම විෂබීජ නාශකයක් විදියටත් මේවා යොදා ගන්නවා. ඒවට අමතරව මේ මින්ට් වර්ග අපි මින්චි සම්බෝල, ආහාර රසකාරකයක්, මින්ට් ටී, සාමාන්ය ටී එකක රසය වැඩි කරගන්න වගේ ගොඩක් දේවල් වලට ගන්නවා. ඒ වගේම මේවා ගෙදර වත්තේ තියන කෘමී විකර්ශක බෝගයක් විදියටත් ක්රියාකරනවා. එකෙන් ගෙවත්තටත් පොඩි වාසියක් වගේම විවිධත්වයක් ලැබෙනවා.
 
පොඩ්ඩක් සීතල කාලගුණයට කැමති උනාට ඕනම තැනක මේවා පහසුවෙන් හදාගන්න පුළුවන්. හැමෝම දන්න මින්චි (common mint) ගැන කතා කරොත්, මේකත් ඕනම ගෙදරක පහසුවෙන් හදා ගන්න පුළුවන්. දඬු වලින් පැළ ගන්න පුළුවන්. මුලින්ම පටන් ගන්න කෙනෙක්ටනම් පහසුවෙන් දඬු ටිකක් හොයාගන්න පුළුවන් වෙළඳසැලකට ගිහින් මින්චි මිටියක් ගත්තම.
 
මින්චි වලට ලොකුවට අව්වක් ඕනේ නෑ. ලොකු ගැඹුරු භාජනයක් ඕනේත් නෑ. මොකද මේකේ මූල මණ්ඩලය ගැඹුරට හැදෙන්නේ නැති නිසා. හැබැයි මින්චි පැළේ කැමතියි පොඩ්ඩක් තෙත පසට. ඒ නිසා අපි පස හදා ගන්නකොට මතුපිට පස් 1: කොම්පෝස්ට් 1: කොහුබත් 1 කලවම් කර ගන්නවා. කොහුබත් නැත්නම් ඒ වෙනුවට පොල්ලෙලි පොඩි කෑලි වලට කපලා ගන්න පුළුවන්. මින්චි දඬු ටික අගල් 4ක් 5ක් දිග වෙන්න තිබ්බම ඇති. යටම තියන කොළ ටික ඉවත් කරලා අනිත් කොළ වලින් භාගයක් කපලා ඉවත් කරලා, නෝඩ් එකකට ආසන්නයෙන්ම ( නෝඩ් එකක් පහලින්) (කොළ සම්බන්ද වෙලා තිබ්බ තැනක්) කපලා පස් වලට යට කරානම් හරි. මේවල ඉක්මනින් මුල් අද්දවා ගන්නනම් පස හොදට තෙත් වෙන්න වතුර දාලා පොලිතින් එකකින් වහලා තියන්න සතියක් විතර (propagator එකක් වගේ). එහෙම නැත්නම් ඒ දඬු ටික වතුරේ දාලා තියලා සුදු පාට මුල් ආපුවම පසේ පැළ කර ගන්න පුළුවන්. ලොකුවට පොහොරක් දාන්න ඕනේ නෑ. ගෙදර හදන කාබනික දියර පොහොර, තේ කුඩු, සත්ත්ව පොහොර (වෙළුන ගොම) ටිකක් දාන්න කාලයත් එක්ක.
 
භාවිතයට ගන්න කොට දඬු කතුරකින් වගේ කපලා ගන්න. තේ බොනකොට මින්චි කොලයක් දෙකක් දාලා බොන්නත් අමතක කරන්න එපා. සීනි නැතුවම රසට තේක බොන්න පුළුවන්. මින්චි විතරක් නෙමේ උඩින් කියපු ඕනම මින්ට් එකක් මේ විදියට යොදා ගන්න පුළුවන්.
 
සටහන : දිලිනි තක්ෂිලා [ YouPAH Agventure ව්යාපෘති සම්බන්ධීකරණ කමිටුව ]
Scroll to Top