පිපිඤ්ඤා වගාවෙදි මේවා ගැන සැලකිලිමත් වෙන්න

පිපිඤ්ඤා පැලවල ගැහැණු මල් ඇවිත් ඒවා කහ පාට වෙලා ඇකිලිලා ගිහින්. ඒ මල් පිපුණේ නැහැ. දවස් ගානක් බලාගෙන හිටියත් ගැහැණු මල් අග තිබෙන පොඩි ගෙඩිය වගේ කොටස මුලින් කහ පාට වුණා. මම කෙසෙල් පොහොර, කෘමි විකර්ෂක යෙදුවාත් කූඩිත්තන් මර්දනය වුණේම නැහැ. මම දැන් ඒ ගස් ඉවත් කරන්න ඉන්නේ. ඒවගේ අතු පැල කලොත් වැඩක් වේවිද? පිපිඤ්ඤා වවන කොට විශේෂයෙන්ම කරන්න ඕන දේවල් ඇත්නම් දැනුවත් කල හැකිද?
පිපිඤ්ඤා වල ගැහැණු සහ පිරිමි වෙන වෙනම මල් තියෙනවා. ගැහැණු මල් ඇවිල්ලා මල පිපෙන්නේ නැ කියන්නේ ගහ stress වෙලා.
 
පරිසර සාධක වල ක්ෂණික වෙනස්විම, වැලේ මුල් වලට හානි වෙලා තිබීම, පෝෂක ඌනතා, පලිබෝධ හානි අධිකව තිබිම නිසාත් ගහට මල පිපෙන්න ශක්තිය වැය කරන්න බැරි වෙනවා. මේවා නිසා මල ඇවිල්ලා පිපෙන්නේ නැතුව වැටිලා යන්න පුළුවන්.
 
මල පිපිලත් ගෙඩි එන්නේ නැත්තේ මල පාරාගනය වුනේ නැති වුනාම. ඒකෙදී අපිට මල පරාගනය කරලා දෙන්න පුළුවන්.
පිපිඤ්දා කොලේ බූව නිසා අපි යොදන කෘමි විකර්ෂක පලිබෝධ වලට ළඟා වෙන එක අඩු වෙනවා. Aphids ලා කොලේට ම ඇලිලා වගේ ඉන්න හින්දා කෘමි විකර්ෂක වලින් අපි බලාපොරොත්තු වෙන දේ ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා විකර්ෂක යොදද්දී හොඳට බලලා යොදන්න. භූමිතෙල් මේස හැන්දක් සබන් දියර එකටම මික්ස් කරන්න.
 
පිපිඤ්ඤා අතුවලින් පැළ ලබා ගන්න බෑ. අතු පොළොවට සම්බන්ධ වෙලා තියන තැනින් පොඩි තන්තු මුල් වගේ එන්න පුළුවන්. එතනින් වෙන් කරලා පැළයක් හදාගන්න පුළුවන්. නමුත් සාර්ථක නෑ.
 
සටහන : දිලිනි තක්ෂිලා [ YouPAH Agventure ව්යාපෘති සම්බන්ධීකරණ කමිටුව ]
Scroll to Top