දඹල වැලේ මල් තවම ආවේ නෑ

අපේ දඹල වැල දැන් මාස 4 කට වැඩියි. තාම මල් ආවෙ නැහැනේ. අගෝස්තු මාසයට දඹල මල් එනවා කියල කීපදෙනෙක් කිව්වා. මල් එන්න විශේෂයෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනව නම් දැනුවත් කරන්න.
දඹල වැල හොඳට හැදිලා තියෙනවනම් ගැටලුවක් නෑ. සාමාන්යයෙන් බීජ පැල කරලා දවස් 40ත් 140ත් කාලයක් ඇතුලත මල් එන්න පටන් ගන්නවා.
 
මේ විදියට මල් එන කාලේ වෙනස් වෙනවා වර්ගය, කාලගුණ තත්ත්වය, ලැබෙන ආලෝකය, පෝෂණය කියන කාරණා අනුව.
වැල හොඳින් හැදිලා තියෙනවනම් ගැටලුවක් නෑ. ඉදිරියේදී මල් එයි අනිවාර්යෙන්.
 
කෙසෙල් ලෙලි දියර පොහොර හෝ කෙසෙල් ලෙලි ගහ ආසන්නයේ වහලා දාන්න. කෙසෙල් ලෙලි වල හොඳට පොටෑසියම් තියනවා. මල් හටගන්න ඕනම කරන පෝෂකය.
 
සටහන : දිලිනි තක්ෂිලා [ YouPAH Agventure ව්යාපෘති සම්බන්ධීකරණ කමිටුව ]
 
ජායාරූප වල දැක්වෙන්නේ #YouPAH_Agventure ප්රජාවේ සාමාජික ගෙවතු කීපයක දඹල අස්වැන්නයි 🤗
Scroll to Top