පස සරු කරන ජීව මෘත

ප්රශ්නය :
ජීවමෘත පොහොර සාදාගන්නේ කොහොමද?
පිළිතුර :
ජිවමෘත කියන්නේ පස පෝෂණය කරන්න පුළුවන් ක්ෂ්ද්රජිවී සහිත ඔවුන්ගේ ක්රියාකාරිත්වය වැඩි පොහොරක්.N, P,K වලට අමතරව අනෙක් මූලද්රව්ය (ක්ෂුද්ර) ටිකත් මේකේ තියනවා. ඒ නිසා අපි මේක හදන්න යොදා ගන්නේ ස්වාභාවික (බෙහෙත් ගහපු නැති) පරිසරයෙන් ගන්න පුළුවන් ඒවලින්.
 
  • වතුර ලීටර 25කට,
  • එළගව අමු ගොම 1.5 ග්රෑම්
  • එළගව මුත්රා 1 ලීටර්
  • මද පවනේ වේලපු ගිනිසීරියා කොළ 1 කිලෝග්රෑම් (නයිට්රජන් ප්රමාණය වැඩි කරගන්න පුළුවන්)
  • සක්කර/රතු සීනි/ 250 ග්රෑම් හෝ පොල් වතුර 500 මිලිලීටර්
  • මතුපිට පස් අහුරක්
  • පිටි කරගත් මුං ඇට හෝ කව්පි 250 ග්රෑම්
  • කෙසෙල්/ගස්ලබු/ වැල/ වරකා 250 ග්රෑම්
මේ ටික දියවෙන පිළිවෙලට හොදට මික්ස් කර ගන්න ඕනේ. (මුල් දවස් තුනේ පොඩ්ඩක් ගඳ තියෙයි. ඊට පස්සේ හරියයි).
 
ගෝනියකින් හොඳට වහලා තියා ගන්න නැත්නම් මැස්සෝ බිත්තර දාලා පනුවෝ හැදෙන්න පුළුවන්. මැසි පනුවෝ ආවා කියලා හලලා දාන්න එපා.ලොකු ගැටලුවක් නෑ. හෙවන තැනක බැරල් ඒක තියා ගන්න.
 
මේකේදී අපි එළගවයන්ගේ අමුද්රව්ය තමා යොදා ගන්නේ. මොකද මී ගවයන්ගේ ශරීරය එළගවයන්ගේ ශරීරයට වඩා උෂ්ණයි. ඒ හින්දා මී ගවයින්ගේ ගොම වල ඉන්න ක්ෂුද්රජීවින් ප්රමාණය සහ පෝෂක ප්රමාණය අඩුයි. කොම්පෝස්ට් හදන්න මී ගව ගොම ගන්න පුළුවන්.
මුං ඇට වෙනුවට කඩල (කඩල තමා හොදම එක) ගන්න පුළුවන්. ගන්න කඩල එක රසායනික ද්රව්ය වලින් තොර එකක් ගන්න ඕනේ. මොකද ඒක පිටරටින් ගෙන කොට විවිධ කල්තියා ගන්න දේවල් එකතු වෙනවා. ඒ නිසා කඩල වෙනුවට ලංකාවේ හදන මුං ඇට, කව්පි වගේ එකක් ගන්න පුළුවන්.
 
ජිවමෘත එක දවස් 21 කින් පස්සේ බෝග වලට දාන්න ගන්න පුළුවන්. ඒ කාලේ ඇතුලත උදේ හවස මේක හොඳට විනාඩි කිහිපයක් මික්ස් කරගන්න ඕනේ. පොඩි එක්සර්සයිස් එකක් වගේ. වත්තේ තියන බෝග ප්රමාණය අනුව අනුපාත වෙනස් කර ගෙන අවශ්ය ප්රමාණයට හදා ගන්න. මේ හදාගත්ත ජීවමෘත එක සති දෙකක් ඇතුළත (වැඩිම මාසයක් ඇතුලත දාගන්න, කාලයත් එක්ක පෝෂක, ක්ෂුද්රජීවීන් ප්රමාණය අඩු වේගෙන යනවා) බෝග වලට දාන්න ඕනේ. ඒ සති දෙක ඇතුලතත් මේක මික්ස් කරන්න ඕනේ.
 
කුඩා බෝග පැළ වලට යොදද්දි පෙරාගත් ජිවමෘත 1 කට වතුර ලීටර 10ක් ද, අනිත් බෝගවලට 1: 6 විදියට මික්ස් කරලා සතියකට වරක් උදේ වරුවේ හෝ හවස බෝගය තෙමී යන විදියට යොදන්න.
 
කෘමි විකර්ශක ගුණය නිසා බෝග වලට ආරක්ෂාවකුත් හම්බෙනවා.
 
සටහන : දිලිනි තක්ෂිලා [ YouPAH Agventure ව්යාපෘති සම්බන්ධීකරණ කමිටුව ]
================
මේ අහරින් සුරක්ෂිත රටක් වෙනුවෙන් වන YouPAH Agventure: පෙරළියක ඇරඹුම කණ්ඩායමේ සංවාද ඇසුරෙන් ගොඩ නැගෙන post මාලාවකි.
ඔබත් මේ ව්යාපෘතිය සමග සම්බන්ධ වීමට කැමති නම් YouPAH Agventure fb සමූහයට එක්වෙන්න..🌱
Scroll to Top