අපද්‍රව්‍ය අමුද්‍රව්‍ය කරගනිමු

අපද්‍රව්‍ය අමුද්‍රව්‍ය කරගනිමු
#YouPAH_Agventure
#1st_week
================
#YouPAHAgventure webinar එකෙන් සහා චැට් ගෲප් එකෙන් ඉගෙනගෙන මන් මේ සතියෙ අලුතින් දේවල් හතරක් කළා…
1. පරණ පෝච්චියක බඳුන්ගත ක්‍රමේට කොම්පෝස්ට් හදන්න පටන්ගත්තා. ඒකට අපේ නංගිගෙ පොඩි උන් දෙන්නත් හරිම ආසාවෙන් හවුල් උනා. මේක හරිම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්. හදන විදිහ ළඟදිම #YouPAH Facebook page එකෙන් ඒගොල්ලො ඔයාලට කියලා දෙයි.

2. කෙහෙල් ලෙලි පොහොර හැදුවා. ඒකත් හරිම ලේසියි. වැයවෙන්නෙ විනාඩි 5ක් විතරයි. ඒ හදන විදිහ දැනටමත් #YouPAH Facebook page එකේ කියලා තියෙනවා. මේ ලින්ක් එකෙන් ඒක ඉගෙනගන්න පුළුවන්.  

3. දොඩම් ලෙලි පළිබෝධ නාශකය සෑදීම. සති කිහිපයකට කළින් #YouPAHAgventure පටන්ගත්ත අලුත ඒකෙ තාක්ෂණික කමිටුව කරපු කතාබහකදි කෙසෙල් ලෙලි පොහොර ගැන කතාවූ විට ගෙදර තිබූ දොඩම් ගෙඩියක ලෙල්ලෙන් මේක මන් කළින් සුළුවට අත්හදා බලලා තිබුණ ක්‍රමයක්. සාදන්නෙ කෙසෙල් ලෙලි පොහොර හදන ක්‍රමයටම තමයි. පිටිමකුණන් සහා අනෙකුත් පළිබෝධ පාලනය සඳහා මේක සුදුසුයි. 

4. ගෙදර, වත්තෙ “කුණු” කොච්චර සම්පතක්ද කියලා ඉගෙන ගත්තා. මෙච්චර කල් මන් වගාවට යෙදුවෙ කඩෙන් ගත්ත කොම්පෝස්ට් පොහොර. ඒවා එච්චර මිල අධික නොවන නිසා මන් ඒ ගැන වැඩිය හිතලා තිබුණේ නෑ. ගස්වල වැටෙන කොළ ගස් පාමුලටම එකතුකරන එකනම් ඉස්සර ඉඳන්ම කළා. ඒත් කෙහෙල් ලෙලි, කුස්සියේ ඉතුරුවෙන එළවළු අපද්‍රව්‍ය, අනෙක් පළතුරු කොටස්, ගස් කප්පාදු කර ලැබෙන කොළ අතු මීට කළින් නම් නගර සභාවෙ කුණු ලොරියට දීපු එක තමයි කළේ. ඒක කෙතරම් මරිමෝඩ වැඩක්ද කියලා තේරුණේ ගිය සුමානෙ ඒ ඔක්කොම එකතුකරලා පොහොර හදපු නිසා. අපි අපද්‍රව්‍ය කියන්නෙ ඇත්තටම අමුද්‍රව්‍යවලට කියලා මෙච්චර කල් බණ වගේ අහලා තිබ්බට, වෛද්‍ය ශිෂ්‍යයින්ට පවා පාඩම්වල මමම උගන්නලා තිබුණට මට ඒක හොඳටම දැනුණේ ගිය සුමානෙ තමයි. මේ නිසා අපේ ගෙදරින් නගර සභාව හරහා කොහේ හෝ ඉඩමකට යැවෙන කුණු ප්‍රමාණයත් ටිකකින් හරි අඩුවීමත් ඇත්තටම සතුටු වෙන්න පුළුවන් කාරණයක් මට. 

ගිය සතියෙ මට අතිශයම කාර්‍යබහුල සතියක්. මේ ඔක්කොම ටික සැළසුම් කරලා ක්‍රියාත්මක කරන්න වැය වුනේ ඇත්තටම පැයකටත් අඩු කාලයක්. ඒ වැඩ නිසා ලැබුණ සතුට සහා ආත්ම තෘප්තිය අර අතිශය කාර්‍ය බහුල සතිය අවසානයේ මට නිවෙන්න, recharge වෙන්න උදව් කළා. ඒ නිසා මෙච්චර කල් උත්සාහ නොකර හිටපු අය ඉන්නවා නම් ට්‍රයි කරලා බලන්න. ❤🙂 

සටහන : YouPAH Agventure කණ්ඩායමේ වෛද්‍ය මනූජා පෙරේරා

Scroll to Top